දර්ශනය



නාඩි වැටෙනව තවම
මැරිලා නෑමයි දැනට
නොමියව, හුස්ම ගන්න 
සවිය තියෙන්නෙම තරබෑරුමක...
ඉතින්... 
මං යනව හැමදාම බොන්න...

මගේ වීදුරුව අස්සේ
උඹ හිනහෙනවා. 
මා එක්ක කියවනවා..
පෙම් කතා කියනවා....
මං ඔහේ ඒ දර්ශනෙ බලලා
ගෙදර එනවා..

ආයේ හෙට දර්ශනෙටත් යනවා..

**********************************************


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.. මට හිතෙනවා දැන් බ්ලොග් ලෝකේ යාලුවොත් දැන්දැන් හරියට බිසී වෙලා කියලා.. දුමී අයියත් වැඩි සද්දයක් නැහැ. ලිඛිතත් හොයා ගන්නවත් නැහැ.. රෝමා නම් ඔන්න හිටපු ගමන් එනවා ආයේ යනවා..මාත් එහෙමයි ඉතින්..... වැසි දැරියත් නැහැ. සොඳුරු සඳවතී නම් දෙයියනේ කියලා හොයාගන්න ඉන්නවා...
ඉතින් මේ අවුරුද්දේ මගේ ප්‍රාර්ථනය .. බ්ලොග් ලෝකය වෙනුවෙන්..., 
ලැබුවා වූ 2019 වසර
හැමදාම බ්ලොග් ලෝකයම එකම  පාර්ටියකින් පිරෙන, සුභම සුභ අලූත් අවුරුද්දක් වේවා..

Comments

Popular Posts