මනමේ කුමරි 02

පළමු කොටස මෙතනින්.


මේක හීනයක්ද. මනමේ කුමරු මගේ ඉදිරියේ...  ඔහු ඔටුන්න ගලවා ඇත. නමුත් ඒ වස්ත්‍ර ඉවත් කොට නැත. තවමත් රුධිරය ලෙසට රතු පැහැ දියරයක් ඔහුගේ ළය මතය. 

"ලේ..." මගේ ඒ වචනෙන් ඔහු සිනාසෙන්නට විය.. නමුත් මා සිටියේ බය වී සේය. දුක භය මගේ මුහුණේ ඉරියව් වලින් ඔහු හඳුනා ගන්නට ඇත. 

"ලේ නෙවෙයි ළමයෝ තීන්ත.." ඔහු පැවසුවේ සිනහසෙමින්‍ ය. මට පොලව පලාගෙන යන ලැජ්ජාවක් දැනුනේ ඔහුගේ හිනා හඬ විසිරෙද්දී...

"ආ... මේ බෙලි මල් එක බොන්න.. මං හකුරු කෑලි දෙකක් ඔයාට ගෙනාවා..." ඔහු මගේ අතට බලෙන් බෙලිමල් එක දුන්නා.. 

"මොකද නිකම් ගල්භූත වෙලා.. "

"එහෙම නැහැ.. " මං අපහසුවෙන් කියාගත්තට, ඔහුට මගේ වෙනස හඳුනා ගැනීමට අමාරු නැති බව මං දැනන් හිටියා.

මං බෙලි මල් එක අරන් නැගිට්ටා. ආයෙත් මට මනමේ නාට්‍ය බලන්න බැහැ. මනමේ කුමරු මැරෙනවා බලන්නේ කෙසේද..

" කොහෙද යන්නේ?"  මගේ බාහුවෙන් ඔහු අල්ල ගත්තේ හරිම තද විදියට. ඇත්තටම මට රිදුනා..

"ආව්..." මං ඇඹරුනේ රිදුන නිසා..

" ඕ... සොරි සොරි.." මනමේ කුමාරයා බය වෙලා..

" මං යනවා හොස්ටල් එකට.. තැන්ක් යූ.." මං මගේ අතේ තිබ්බ බෙලි මල් එක පෙන්නලා ස්තූති කලා..

"යන්නෙපා...!"

ඔහු එහෙම කිව්වා වුණත් මං ආයෙත් හැරෙන්න කියලා මගේ හිත කිව්වේ නැහැ. මගේ ආඩම්බරකම ඉදිරියට ඇවිත් තිබුණා.  මං නෑසුන ගානට ඉක්මනින් එතනින් එලියට ආවා.. එතකොට ඊළඟ ෂෝ එකට කට්ටිය එලියේ රැස් වෙලා හිටියා.. මං නිශාලා උකොහෙද කියලා හෙව්වේ නැහැ. එහෙම්මම කාමරයට ආවා.. හෙටින් වැකේෂන් පටන් ගන්නවා.. හවස බස් එකේ ගෙදර යන්න හිතාගෙන හිටියත්, මට ආයෙත් ඔහුව බලන්න වුවමනා වුණා. මගේ හිත හිටියේ සීතල යුද්ධයක. හදවතේ එක අර්ධයක් පැවසුවේ ඔහුව අවසාන වතාවට හමුවන්න කියලා. අනික් අර්ධය ඒ යෝජනාවට කිසිසේත්ම කැමත්ත දුන්නේ නැහැ..

මං හැමදේම අමතක කරලා බඩු පැක් කලා. මං නිශාට මැසේජ් එකක් දැම්මා. මං ගෙදර යන බව කියන්න.. ඒ වෙනකොට මනමේ දෙවනි ෂෝ එක ඉවර ඇති. රෑට තියන පාර්ටි එකට කට්ටිය ලැහැස්ති වෙනවා ඇති. ඒක තිබ්බේ නෙට්බෝල් ස්ටේඩියම් එකේ නිසා නිශාට හොස්ටල් එකට එන්න වෙලා . ඇය කෝල් කලා මගේ මැසේජ් එක ගියපු වහාම. 

" පිස්සු කියවන්න එපා.. පාර්ටි එකට ඉඳලා හෙට උදේම යමු.. "

"බැහැ නිශා මං ගෙදර යනවා..."

"ලාරා අය්..........."

නිශා ඔහු ගැන කියන්නට ගොස් කතාව නැවැත්තුවා.. ඊළඟ වචනය කියනකම් මං බලන් හිටියා.. තත්පර කිහිපයක් ගත වෙන්න ඇති... ඒ නිහඬ බව දරාගන්න බැරිවුණා.. 

"නිශා...."

ඒත් කතාවක් නැහැ...

"මං එනකම් ඉන්න. පොඩි දෙයක් තියෙනවා කියන්න...."

"අහ්..."

"හරිද ඉන්නවද...."

"හරි.. ඉක්මන්ට එන්න.. "

මං ෆෝන් එක කට් කරලා ඇඳේ වාඩි වෙලා කල්පනා කලා.. ලාරා.. ඒ ඔහුය.. ඔහු ගැන නිශා කියන්නට තැත් කලේ කුමක්ද..  මට නිශා එනතුරු ඉවස ගන්නට බැරි වුණා.. ඔහු ගැනද කියන්න දෙයක් තියෙනවා කිව්වේ.. මගේ මුලු ඇඟම ගැහෙන්න ගත්තා.. වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ...

ඇයට එන්නට විනාඩි දහයකට වඩා ගත වෙනු ඇත.. 

ලැප් බෑග් එකත්, ඇඳුම් බෑග් එකත් නැවත මගේ කුඩා හෑන්ඩ් බෑග් එකත් දෙවනි වතාවට චෙක් කරන්නට සිතුවේ මං ඉන්න විපර්‍යාසය එක්ක මා අවශ්‍යම බඩුවක් මඟහැර යන්න ඉඩකඩ වැඩි නිසා... 

"හංසි..." නිශා ඉතා ඉක්මනින් පැමිණියාය. 

"ඇයි හදිස්සියේ යන්නේ..?"

"ම්.. අම්මා එන්න කිව්වා." මම බොරුවක් කිව්වෙමි. 

"දැන් ගියොත් රෑ වෙනවනේ..."

"අයියා ඒවී එක්ක යන්න නුවර පාරට. අනික පැය හතරයිනේ.."

ඒ සමඟම නිශාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

එහෙනම් ඔයා පරිස්සමෙන් යන්න... තත්පර කිහිපයක කෝල් එකෙන් පස්සේ ඇය කිව්වා.. කෝල් එකේ මොනවා කිව්වද කියන්න මට තේරුනේ නැහැ.. ඒත් නිශා ගේ මුනේ තිබ්බේ හොර පෙනුමක්. ලාරා අයියා නැත්තම් මනමේ කුමාරයා ගැන කිසිම දෙයක් නිශා කිව්වේ නැහැ... මං බලන් හිටියේ දැන් මොනවාහරි කියයි කියලා ...

ඒත් නිශා මුකුත් කිව්වේ නැහැ.. 

මං බලාපොරොත්තු සුන් වෙච්ච හැඟීමෙන් හොස්ටල් එකෙන් එලියට ආවා.

ඉදිරියට >>>


Comments

  1. ලාරා අයියා මොනවද කිව්වෙ අරූ🙄... ලස්සනයි හිත මඟක නතර වුණා❤️

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කතාව කඩපු තැනින් පේලි දෙකකට පෙර තැනකින් දෙවනි කොටස නතර වෙලා.. මං ඒක දාන්නම් හී...

      Delete
  2. හොඳයි, ඒත් කෙටියි.

    ReplyDelete
    Replies
    1. හී හී.. මං ලියන ගොඩක් එව්වා කෙටි නේද..

      Delete
  3. kalekin me pathe awe, kiyawanda dewal godai.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද බක්කරේ.. ස්තූතියි ආයේ ආවට

      Delete

Post a Comment

Popular Posts