මනමේ කුමරි 03- අවසාන කොටස.
ගේට්ටුවෙන් එලියට එද්දීම මට ත්‍රීවීලර් එකක් හම්බුනා. මං ඒකේ නැගලා එක්ස්ප්‍රස් හෝල්ට් එකට ගියා...
මං හෝල්ට් එකට ඇවිත් විනාඩියක් ගත වුණේ නැහැ.. ඔහු ආවේ මෝටර් බයික් එකක යාලුවෙක් එක්ක.. ලොකු බෑග් එකක් ඔහු අතේ තිබුණා. මං නොදැක්ක ගානට හිටියේ මට ඔහුට ප්‍රතිචාර දක්වන්න නොතේරුණ නිසා..
එයා මාව ෆ්ලෝ කරලද.
මට තේරුණේ මාව ක්ලාන්ත වෙනවා වගේ... මං හෝල්ට් එකේ බංකුව උඩින් වාඩි වුණේ කරකියාගන්න බැරුව..
"ඇයි නංගි....?" ඒ එයා... කලබලෙන් වගේ එයා ඇහුවේ මගේ වෙනස දැකලා වෙන්න ඇති..
"දැන් හොඳද...?" මගේ ඇස් ඉදිරිපිට හිටියේ එයා.. මට නිරුවත් වුණා වගේ හැඟීමක් ආවේ..
මං හිටියේ බඩගින්නේ කියලා දැනන් හිටියට ෆේන්ට් වෙයි කියලා මං හිතුවේ නැහැ.. මං හෝල්ට් බංකුවේ යන්තම් වාඩි වුණාට පස්සේ කිසිම දෙයක් මට මතක නැහැ. මං හිටියේ වේදනාව අමතකව ගිය සිහිසුන් පිලිමයක්ව...
"මට ගෙදරට ගිහින් දාන්නවෙයිද.?"
මං දිහා බලන් මනමේ කුමරා හිනා වුණා...
ඒවෙලාවෙම ආපු කොළඹ ඒසී එකක් නතර කරගත්ත එයා මාව ඇදගෙන නැග්ගේ කිසිම ස්ට්‍රේන්ජර් ස්වභාවයක් නැතුව... මාත් ඔහුට අවනත වෙලා හිටියා වගෙයි.
ළඟම හිස් අසුන් දෙකක් තිබ්බේ වාසනාවටද නැත්තම් අවාසනාවකට ද කියන්න මං දැනන් හිටියේ නැහැ..
තිහාරිය... ඔහුම ටිකට් දෙකක් තිහාරියට කැඩුවේ ඇයි කියන්න මං දැනන් හිටියේ නැහැ...ඔහු අපේ ගෙදර එනවද... ඔහු දන්නවද ඒ කියන්නේ අපි දැන් ගාල්ලේ නෙවෙයි ඉන්නේ කියලත්. ඒ වගේම තිහාරියේ කියලත්.
සීතාව රාමා බලන්න එනවා වගේද ඔහු එන්නේ....
රෝස්ට ජැක් ආදරේ ප්‍රකාශ කලා වගේ හැඟීමක් මට ආවේ...
මං අම්මට කෝල් කලා... මං පේරාදෙණියෙන් නැග්ග බව කියන්න..
"මේ කිරි පැකට් එක බොන්න.." අයිතියක් තියනවා වගේ මනමේ කුමරා මට කිරිපැකට් එක දික් කලේ... මාත් සුවච කීකරුව ඔහුට කිරි පැකට් එක කිසිම ප්‍රතික්ෂේප කිරීමකින් තොරව බිව්වා.
" ඇයි ෆේන්ට් උනේ කාලා හිටියේ නැද්ද...?"
"හ්ම්..."
"නංගි ඇයි බය වෙලා දිව්වේ... "
එයාට ඕන වෙලා තිබ්බේ මා එක්ක කතා කරන්න.. මට මොනව වෙලාද කියන්න මං දැනන් හිටියේ නැහැ...
"නංගි.. මං ගැන හිතන්නේ මොනවද...."
ඔහු අසන්නේ කුමක්දැයි මට තේරෙන්නේ නැත.. මා ඔහු ගැන කිසි දෙයක් දන්නේ නැත. මා දන්නේ මගේ හිත ඔහුට ආදරය කරන බව පමණි..
"මොකද්ද.. ලාරා අයියේ.. ඔයා ගැන මං මොනව හිතන්නද..."
"ඒක තමයි..." එහෙම කියලා හුඟක් ගැඹුරට සුසුමක් හෙලුවා.. ඒ සද්දෙට නාව ඇදිලා ගියා වගෙයි..
ඒ ඇස් මගේ ඇස් වලට එබිලා ඇහුව විදියේන් මාව පිච්චිලා ගියා.. මට ඒ ඇස් දිහා බලන් ඉන්න පුලුවන්කමක් තිබුනේ නැහැ.. මගේ තිබුණ හැම ශක්තියක්ම අවසන් වුණා වගේ හැඟීමක් මට දැනුනේ. මට මේ අවස්ථාවෙන් පලා යන්න වුවමනා වුණත් හැමදේම මාව හිර කරලා තිබුණේ.. මගේ උගුර කට වේලිලා ගියා.. මං ඇස් බිමට හරවන් හිටියා..
ඒ වෙද්දි පිලිමතලාව හරියේ.. තව හුඟ දුරක් තියනවා මට බහින්න.. එතකම් මං මේ අවස්ථාව මඟහැර යන්න ක්‍රමයක් නැහැ.
"මං දන් නැහැ..." හුඟ වෙලාවකට පස්සේ මං උත්තර බැන්දා.
මං ඇස් පියන් නිදා ගන්න හැදුවේ බොරුවට.. මට ගැලවෙන්න වෙන ක්‍රමයක් මතක් වුන් නැති නිසා..
ඔහු ටික වෙලාවකින් මං නිදි හිතන්, මගේ ඔලුව අත ගාන්න පටන් ගත්තා.. හරිම ආදරෙන් ඒක කලේ.. මට ඉවස ගන්න බැරි වුණා.. ඇත්තටම කිව්වොත් මට නින්ද නොගිය එකට ආස හිතුනා.. ඉන් පස්සේ ඔහු මගේ උරහිසට ඉහලින් ඔහුගේ අත දාලා මගේ හිස ඔහුගේ උරහිසේ රඳව ගත්තා.. ඉන් පස්සෙත් දිගින් දිගටම ඔහු මගේ ඔලුව අත ගගා හිටියේ...
"දැන් නැගිටින්න, නංගි.. ගෙවල් ළඟයි.." එහෙම හරිම හෙමින් කියද්දි මං ඇහැරුණේ.. එතකොට මං ඔහුගේ තුරුලේ හිටියේ.. මට ලැජ්ජ හිතුනා.. පොළව පලාගෙන යන්න හිතුණා..
"මං දැන් ඔයාට දෙයක් කියන්න යන්නේ.. තව ඉවසන් ඉන්න බැරි නිසා... " මං ඒ ඇස් දිහා බලන් හිටියා.. මං අහන්න බලන් හිටපු දේ කියන්න යනවා වගෙයි..
නංගි මං ඔයාට කැමතියි..මං බලන් හිටියා.. එහෙම කියයි කියලා...
"මට ස්කොල් එකක් හම්බෙලා තියෙන්නෙ නංගී ස්පෙෂල් ට්‍රේනින් එකකට ජැපෑන් වලින්.. මගේ ඉනොවේෂන් එකට.. කවුරුත් දන්නේ නැහැ. ප්‍රොෆෙසර් සුදත් මට ඒක හදලා දුන්නේ.. මං රිසාල්ට් එනකම් ඉන් නැහැ නංගී. නෙක්ස්ට් වීක් එකේ යනවා.."
මං ඒ ඇස් දිහා බලන් ඉන්දෙද්දි එයා එහෙම කියලා දැම්මා..
ඇත්තටම මට සතුටක් දැනුනා.. මගේ ඇස් දිලිසෙන්න පටන් ගෙන ආයෙත් කළු වලාවකින් වැහුනා.. ඒත් මං බලාපොරොත්තු වුණ දේ කවදා අහන්න පුලුවන් වෙයිද.. ඒ කියන්නේ මෙයා ලංකාවෙනුත් යනවා...
මං බිම බලා ගත්තා...
" කන්ග්‍රැජුලේෂන්ස්..." එහෙම කිව්වේ නොකියා බැරි කමට...
"' ඔයාට දුකද..?"
"'මං දුක් වෙන්නේ ඇයි... සතුටුයි මට... ඔයාට හොඳ චාන්ස් එකක් ලැබිලා තියෙන්නේ.. ඔයාට ට්‍රේනින් එක ඉවර වෙලා ජොබ් එකකුත් ලැබේවී..."
මං බිම බලාගෙන බොරුවක් කියගෙන ගියා. එයා නවතීවී.. එහෙම ස්ටේබල් වෙයි..
එක අතකින් එයා සතුටින් ඉඳීවී.. ජීවිතය ජයගෙන...
මං හැරිලා බලද්දි ගෙවල් ලං වෙලා. අම්මට කෝල් කලෙත් නැහැ..
" මං ගෙදරට කෝල් කලේ නෑනේ.."
"අම්මා කෝල් කලා මං ආන්සර් කලා.."
කිසිම ගාණක් නැතුව ඔහු කියලා දැම්ම..
මාව ගිනි ගත්තා වගේ හැඟීමක් ආවේ...
ඒත් මට අම්මට කෝල් කරන්න ඕන වුණත් මට ඒකට ශක්තියක් ආවේ නැහැ...
මං අයියට කතා කළා. අයියා කිව්වේ පාරේ ඉන්න බව.
"'නංගි... මගේ කතාව ඔයා අහන් නැද්ද..."
"'මට කියන්න දෙයක් නැහැ අයියේ.."
මං මොනවා කියලා කියන්නද.. මනමේ කුමාරයට මං කැමති කියන්නද.. නැත්තම් දැක්ක දවසේ ඉඳන් අපිව රැග් කරපු ලාරා අයියට කැමති කියන්නද...
"' නංගි මේ බලන්න.. මට තව ඉවසන්න අමාරුයි... අවුරුදු තුනකට වැඩි, මං ඔයාව දැනගෙන.. ඔයා කැම්පස් එකේ කරපු කියපු හැමදේටම මං ඇහැ ගහගෙන හිටියේ... නංගි.. මං දිහා බලන්න.."
බිමට හරවන් හිටපු මගේ මුහුණ එයාගෙ පැත්තට හරවලා, එයා මගේ ඇස් දෙකට එබුනා...
"'මං ඔයාට ආදරෙයි.. මට රට යන්න ඉස්සෙල්ලා ඔයාට මේක කියලා මට ඔයාව මගේ කරගන්න ඕන වුණා.."
මට කියන්න දෙයක් ඉතිරි නොකරම එයා කියලා දැම්මා...
ඇත්තටම මනමේ කුමාරයා ....
මට ආදරේ කරනවා... මට විශ්වාස කරන්න බැහැ..
_________________________________________
අවසානයි...
හොඳයි.
ReplyDeleteස්තූතියි බස්සා..
Delete*****
ReplyDelete:)
ReplyDeleteNice writing
Thank you Likhi..💜️
ReplyDeleteමට හිතෙන්නේ ඔයා කවියට වඩා මේ මේ වගේ කතා ලියද්දි සාර්ථයි කියල.ඔයාටම,ආවේණික අමුතු රසයක් තියෙනවා මේවායේ.
ReplyDeleteහෆොයි...
Delete