පුලුවන්ද.....


ඔයා මුදු හිනාව රඳව ගන්න...
එතකොට,
මට පුළුවනි හිත හදා ගන්න...

මේ දේවල් අවසාන ඉල්ලීම් යැයි සිහි තබා ගන්න....
පැය විසි හතරක්වත් මං මැරුණම තියා නොගන්න..
මං බයයි තාම මිදෙන තරම් සීතලට..
තුරුල් වුණ හැටි මතකද සීතල දැනුනම නුඹේ පපුවට...
ඒ නිසා ඉක්මනින් වල දාන්න..,
පුලුවන් නම් මල් ගහක් යට හොයාගන්න.. රොබෝසීයා, මැයි මල් ලස්සන බව මතක තියාගන්න...

එකම එක මගේ කවියක්,
ඔබව හිනැහූව...
ගලක් මත ලියන්න..
එය රඳවන්න මගේ සොහොන ළඟ...

මතක් වෙන දවසට ඇවිත් එක මලක් මං වෙනුවෙන් තියන්න..
මල පරවෙන හැටි බලන් ඉන්න..
ජීවිතය ඒ වගේ යැයි හිතන්න.

සොඳුර..
ඔබ නැතිව මං කොහොම තව හුස්ම ගන්නද....

එයා එක්ක එකම දවසක් හරි එන්න..
"මං ආදරේ කරපු කෙල්ල.." යැයි කියන්න..
පුළුවන්ද...,
එහෙම කරන්න...
මට ආදරේ කලා නේද..!!!

4 comments:

  1. හපූ...පිස්සු වට්ටන්න එපා අයියෝ...

    ReplyDelete
  2. ඔයා හැමදාම හිනා වෙලා ඉන්න !

    ReplyDelete
  3. ඔව්... ඔයා හිනාවෙලා ඉන්න...

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...