සෘතු


වසන්තය එතරම් දිගුව
මා කුල්මත් කල තරමට
ශ්‍රීෂ්මය කෙටි වෙතැ‍යි
හිත විප්ලවයක..

අපේ ආදරයත් හරියටම
සෘතු වගෙයි...
වසන්තය, ග්‍රීෂ්මය,
සරතය, සිසිලය..
මේ අවදි කුම වුවත්
ආදරේ නොපැරදෙන
එක තමයි පුදුමය...

ග්‍රීෂ්ම, නුඹ මා ඈත් කල
හදවත් ආදරෙන් පුරවන ලදුව,
සරතයේදී ඉතා කෙටි තත්පර වලින්,
නුඹ මා ළං කරවයි.
වසන්තයේදි නුඹ මා
තදින් සිප වැලඳගෙන
ආයේ නො‍යමි දුරකට
සපත කරවයි..
ආයේ සිසිරයේ
ආදරය ග්ලැසියර්ව මිදෙමින්
අපි අපෙන් වෙන් කරවයි...

අපේ ප්‍රේමය කෙසේ දැයි
විමසුවොත් කවරෙකු හෝ
සෘතු හතර පවසමි ..
නුඹ වඩාත් ලංව විසුයේ
වසන්තයේදි බවත්
මේ ගත වෙන්නේ ගිම්හානය බවත්
නොසඟවමි....

6 comments:

  1. කමෙන්ට් දාන්නට තරම් වෙලාවක් නොවුනත් ඔයාගේ සේරම කතා කවි කියෙව්වා මේ ටිකේම.අනික ඔයා මේ දවස්වල ලියන ඒවත් මරු. හිත කිරී ගස්සනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කා... මේ වචන වලට

      Delete
  2. කාලෙකට පස්සේ බ්ලොග් වල කියවපු පට්ට ම වචන ගෙත්තමක් .
    නියමයි ! වචන නෑ .

    ReplyDelete
    Replies
    1. හම්බේ... වර්ණනාව...ස්තූතියි කලණ.... ඔබේ හැම කොමෙන්ටුවකටම...

      Delete
  3. ලස්සනටම ලියලා අරූ❤️❤️❤️

    ReplyDelete
  4. ස්තූතියි ෂවේරා...

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...