හිස්තැන්

සුසුම් හෙලා කුමට,
සපත කෙරුවාට ආදරය..
මෙය නුඹේ ක්‍රමයැයි අදහමින්
මියෙන තුරු  හිඳින්නම්
බලාපොරොත්තුවේ දෑස් දල්වගෙන..

නොහිඳියා නම් මේ තරම් දිගු දුරක්.
පෙම් නොකල බවම පමණක්ම
අදහන්න තිබුණා නොවෙද..
මේ තරම් පොඩි ගමනක අවුරුදු ගණනක නවාතැනක්ව
නුඹ මා හුන් දින ගණන්..
වකවානු නොසිඳේවී මතකයෙන්..

තුති පුද කරන්නම්..
මේ තරම් සවියක් වූවාට
මෙතරම් කාලයක් ළඟින් හිඳ,
දුර ගියත් කෙටි තත්පර වලින්...
ඒ හිස්තැන් මතක කාටද..

7 comments:

  1. උදුරා දැමු ගස්වල
    මුදුන් මුල අතහැරි
    කේෂක මුල්,
    හුස්මයි තවමත් ??

    ReplyDelete
  2. හැමදාම වගේ ලස්සණයි අරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කලන හැමදාම වගේම

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...