සිතන්නට යමක්...01

සිතුවිලි සිත්තමට නැගෙන කවි පොතේ ඉංග්‍රීසී කතා වල පරිවර්තන කිහිපයක් දුටුවෙන් මම ටිකක් කාලෙකට කලින් පරිවර්තනය කල කතා කිහිපයක්ම තිබුණා කියලා මතක් වුණා.. ඒකෙන් දෙකක් තමයි මේ.....

පාන් රාත්තල.



බේකරියකට සෑම දිනකම බටර් රාත්තලක ප්‍රමාණයක් විකුණූ ගොවියෙක් සිටියේය. දිනක් බේකරියේ අයිතිකරු බටර් කිරා මැන බැලීමට අවශ්‍ය වූ අතර, එහි සැබෑ ලෙසටම රාත්තලක ප්‍රමාණයක් නොතිබිණි. මේ ගැන කෝපයට පත් බේකරි හිමිකරු ගොවියාට විරුද්ධව උසාවි ගියේය.

විනිසුරුවරයා ගොවියාගෙන් ඇසුවේ බටර් බර කිරා බැලීමට කිසියම් මිනුමක් භාවිතා කරන්නේද යන්නයි. ගොවියා පිළිතුරු දෙමින් කියා සිටියේ, 

“ගෞරවනීය විනිසුරුතුමනි, මම තවම නොදියුණුය.. මට නිසි මිනුම් උපකරණයක් නැත, නමුත් මට පරිමාණයක් තිබේ. ” යන්නයි.

“එහෙනම් ඔබ බටර් කිරා මැන බලන්නේ කෙසේද?" විනිසුරු ඇසුවේය.

"බේකරිය මගෙන් බටර් මිලදී ගැනීමට බොහෝ කලකට පෙර මම ඔහුගෙන් පාන් රාත්තලක් මිල දී ගත්තා. එම රාත්තලක පරිමාණයට බටර් ගෙන එන සෑම විටම මම බටර් දමා කිරා මැන රැගෙන එමි. යමෙකුට රාත්තල නිවැරදිව නොවේ යන්න දොස් පැවරිය යුතු නම්, එය බේකරියේ වරදයි. ”

සිතුවිල්ල :
ජීවිතයේ දී, ඔබ ලබා දෙන දේ ඔබට ලැබේ. අන් අයව රවටන්න උත්සාහ නොකරන්න.


***********************************

විහිළුව



එකම ප්‍රශ්නයක් පිලිබඳ පැමිණිලි කිරීම සඳහා මිනිස්සු කණ්ඩායමක් පණ්ඩිතයකු හමුවීමට දිනපතා ගියෝය.

දිනක් පණ්ඩිතයා ඔවුන්ට විහිළුවක් පැවසීමට තීරණය කළ අතර ඔවුන් සියල්ලෝම මහ හඬින් සිනාසෙන්නට වූහ.

මිනිත්තු කිහිපයකට පසු, නැවතත්  ඔවුන්ට එම විහිළුවම පැවසූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පමණක් සිනාසෙන්නට වූ අතර නැවතත් ඔහු එම විහිළුවම තුන්වන වරටත් පැවසූ නමුත් කිසිවෙකු සිනාසුණේ නැත.

පණ්ඩිතයා සිනාසෙමින් මෙසේ විමසීය: ''ඔබට එකම විහිළුවට නැවත නැවතත් සිනාසෙන්නට නොහැකිය. ඉතින් ඔබ නිතරම එකම ගැටලුව පිලිබඳ සිතමින් නැවත නැවත හඬන්නේ..?"

සිතුවිල්ල:
එකම දෙය පැමිණිලි කිරීමෙන් කාලය නාස්ති කිරීම නවත්වන්න.

Comments

  1. සිත්තමීගේ කතා කියවල එක ළමයෙක් නම් හැදුනු බව පේනවා.

    ReplyDelete
    Replies
    1. එයාගේ කතා කියවලා හැදෙන්න තියා ලං වෙන්නවත් බැහැ එයාට, එයා ලියන කතා වලට... මං කලින් පරිවර්තනය කරපු ටිකක් තියනවා කියලා මතක් උනා... සිතුවිලි සිත්තමට නැගෙන කවි පොත දැකලා..ඒක පබ්ලිෂ් කරා නම් හොඳයි කියලා හිතුනා...

      Delete
    2. පූ, ආන්න දැක්කනේ, ආදර්ශමත් ළමයි!
      අරු නංගි, ඔයා මේ ලස්සනට පරිවර්තනය කරලා තියෙන්නේ. මේ 'සිතන්නට යමක්' තව කතා කියවන්න මං බලං ඉන්නවා ඉස්සරහට. ඔයාගේ වචනවලට හිත පිරෙන්න ආදරෙයි ස්තූතියයි දෙන ගමන් මේකත් කියන්නම්: මමත් මගේ ලියමන් දවසක අර කෙනා තරම් හොඳට, මේ කෙනා තරම් ලස්සනට ලියන්න ඇත්නම් කියලා හිතනවා. ඇයි මට එහෙම ලියන්න බැරි කියලා ඒ උදවියගේ ලියමන් දකිද්දි මට අනන්තවත් හිතෙනවා. ඒ සමහර අය මට වඩා වයසින් ගොඩක් පොඩි අය. ඒ එක්කම මට ආයෙ හිතෙනවා, ලිවීම කියන්නේ අනික් හැම නිර්මාණයක් වගේම ඇඟ ඇතුළෙන්ම එන දෙයක්. වෙන කෙනෙක් දිහා බලාගෙන අපිට අපේ නිර්මාණයක් කරන්න බෑ, නිදහසේ අපේ හිත ඇතුළෙන් ආයාසයකින් තොරව එළියට එන දේකිනුයි සැබෑ නිර්මාණයක් බිහි වෙන්නේ. ඉතින්, අනිත් අයගෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ඉගෙනගන්න, ඔයාගෙම 'විදිහ' අඳුනගෙන ඉස්සරහට ම යන්න. නංගිට පුළුවන්. :) <3

      Delete
    3. අක්කේ මං අක්කගේ කැමතිම කතාවල තියන කුතුහලයට.. ඒ වගේම අමුතු විදියට සාමාන්‍ය කතා ලියන එකට... මට කොච්චර ලියන්න ඕන වුනත් දිර්ඝ කතා ලියන්න බැහැ... කම්මැලී... ස්තූතියි අක්කගේ අදහස් වලට

      Delete
  2. මං මේ පැත්තට ආවේ අර ඉස්සර Reader's Digest එකේ Points to Ponder එකට සමාන හෙඩිමක් දැකලා. බැලින්නං මේං මාත් මේකේ ඇමිණිලා. :D

    මේ පාන් රාත්තලේ කතාවනම් මම ඒ කතා හොයාගත්තු තැනත් තිබුණා. ඒත් නංගිගෙ මේ අනිත් කතාව මම අදමයි ඇහැව්වේ. අපූරු පණිවිඩයක්, ස්තූතියි ඔයාට!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාටත් අක්කේ.. මටත් හිතුනේ මේවා පොස්ට් කරන්න අක්ක නිසානේ... ස්තූතියි නැවතත්.

      Delete
  3. මේ කතා වලින් දෙන පණිවිඩය හරි වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිඹුලි... 😊😊

      Delete

Post a Comment

Popular Posts