කුමරියට ලියා තබමි....


අමාගේ ලියමනට පිලිතුර ලිවුයෙමි..
ලියමන මෙතනින් කියවන්න..
==========================
   


නුඹේ දෝෂාරෝපණයේ දෝංකාරය, මගේ අකර්මණ්‍ය හද ගර්භයේ, මෝහන්දකාර කරමින් ශේෂ වූ ප්‍රාණයෙන් නිර්නය කරන ලද්දා වූ, ජීවී බවට කැලැල් නොව පරිශුද්ධවම මහා වණයක්ව උපද්දවමින් සිටිනාහ...
නුඹ දක්වන්නා ලද "නිකැලැල් ව හුන්" ඔබේ කැලැල් පිලිබඳ නිකැලැල් මගේ මගේ වූ සහසම්බන්ධතාවය පිලිබඳ මෙසේ කුරුටුලමි...


නුඹට "කුඩා සදාකාලයක්" වූ ඒ සා කුඩාතම සමය, මහා කල්ප ලක්ෂයකටත් වැඩියෙන් නුඹ හා ප්‍රේමයෙන් ඔද්දල්ව හුන් මගේ ආශ්චර්යතම සමයයි...


නුඹ විසින් රුදුරුව නම් කරන ලද්දා වූ නුඹේ කැලැල්වල සහේතුක මූලය මා බව ඉඳුරාම පිලිගනිමි... නමුත් ඒ මගේ නොව අපගේ සහයෝගයෙන් උපත ලද අතීතය, නුඹේ කඳුලු වලින් මතකයන් සේ උපත්තිය ලබා නුඹ යථොක්ත පැවසු කැලැල් තෙමමින්, පාරමින් රිදුම් දෙමින් සුව නොවන ඒවා නම්...! අකර්මණ්‍ය වෙමින් පවතින මගේ හදවතට නුඹේ දෙස් දෙවොලෙහි හී සර තවදුරටත් මා විසර්ජනය කරනු මිස අන් කිසිවක් නොකරන බව මෙසේ ලියා තබමි... නොඑසේ නම් මා මියෙනු ඇත...


නුඹේ සියලු වස්තු බීජයන් මා පරිස්සම් කල තරම් දැන දැනම මා නමින් ඔබ කැලැල් පමණක්ම පරිස්සම් කිරීම කෙතරම් රුදුරු බවක්දැයි මම කිසිදා නොඅසමි.. නමුත් අතීතයේ සහස් සිහිනයන් දුටෙන්, ඒවා කඳුලු හා මුසු නුඹව පාරා සුව නොවන තරමට කෲරතර ඒවා වී නම් කිසිදා නුඹ හා සිහින ගෙතුමට නොඑමි...


කුමරියනි ,නුඹේ අමිල සමය වැය කරමින් කරන්නා වූ නිශ්ඵල වෑයම වූ මේ භද්‍රකල්පයේ තත්පර , හා මිලි තත්පර වලින් මගේ තත්පර මිලි තත්පර වෙන් කිරීම නවතාලන්නමට මම අණ කරමි.. කාලය නැමති මානය, සුසුම් හූයක අමුන්නට තරම් නතරව නොපවතින බව නුඹ නොදනෙන්හිද...?
මගේ යලිත් නුඉපදෙන සිනහවක් පිලිබඳ සිතමින්, අපේ අතීතය, එක්කාසු කල මහා දිගු තන්ත්‍රයේ ශබ්දය මගේ සිනහවක් ලෙස නුඹ නිශ්චය කිරීම කෙතරම් අනුවණද...? අකර්මණ්‍යව ගෙවෙන මේ දිවියේ මගේ පිලිබඳ හෝඩුවා නොසොයන මෙන් තවදුරටත් මම ඉල්ලමි... නශ්ට වෙමින් පවතින ජීවියෙක් සොයන්නට දරන වෙහෙස මෙන්, මා සෙවීමේ කාලය නිශ්ඵල කාරනයක් බවද මෙසේ ලියා තබමි... ඉදින් මා ගැන නොසොයන්න...


මා වෙලා ගත්තේ කිසිවක් නොව නුඹ හා ප්‍රේමයේ මූලයයි.. එයින් දරුණුවෙන් දරුණුවට පත් මගේ හදවත් මියෙමින් පවතී... මා අහිමි වේ යැයි බිය කුමට... අහිමි කරගත් නුඹට සමපාත වූ නිස්කාරනේ හිතලු දෑ නෙරපන්න... මා අකර්මණ්‍ය  වන තරමට හිරි ඔතප් බිඳලූ නුඹ, මා ගැන කිසිවක් නොසොයන්න.. නුඹට මා කෙලෙස පණිවිඩ එවන්නද..?
මා හිඳින ඉසව්ව පිලිබඳ මෙතරම් නුඹ විස්සොප වේ යැයි නොසිතුවෙමි... ක්ෂීරපථ සාගරයේ විසල් ධවල රළ කළඹා නුඹ  විසින් තෝරා බේරාගත් සිප්පිමය තරු කැට ඔච්චමින් සිනාසී, සඳුට තතු පසිඳලන මුදු, මා සොයා යන්නට කිසිඳු උපකාරයක් නොකරන්නේ වේද, නුඹ නොවෙහෙසී ඔබේ ජීවිත පවත්වා ගන්නා ලෙස ඉල්ලමි.. අයාලේ ගිය නුඹ මා සොයා තවදුරටත් අයාලේ නොයන්න.. දුක නම් කම්පිතය... නමුත් මා දැන් අකම්පිතය... ඉදින් මට දුකක් නොදැනේමය....


හිම කඳුලු යැයි පවසන නුඹම එහි වූ පා සලකුනු මගේ යැයි දෝෂාරෝපණය කරයි... නැවත එයට අපේ අතීතයේ සහසම්බන්ධතාවය පිලිබඳ නාමය ලබා දෙයි.. නුඹේ සුලලිත වදන් මත විසල්ව එබ්බවු රිදුමන් පිලිබඳ මම සැබවින්ම දැනුවත්මි.. මා දෙවියන් ඉදිරියේ සඳුන් දර සෑයක දැවෙමින් යැයි, නුඹ පවසනවා නම් එය පිලි ගනිමි.. නමුත් ඒ සෑය නිපද වූ කලාකාමිය නුඹය... නුඹ මා දවා, දැන් විරහ ගින්නෙන් නුඹම පිලිස්සෙනවා  යැයිද පවසමින් මගේ සැඟව සිටීම පිලිබඳ විමසනු ලබන්නේ කිම..?
අපතේ යන ප්‍රේමයට වගකිවයුත්තා මමම නම්...,අපතේ යැවූ ප්‍රේමයට වග කිවයුත්තා නුඹමය...


කුමරියනි,නුඹ හා මා ගෙවන්නට හුන් භද්‍ර කල්පයෙහි, සරතත්, වස්සානයත් ගිම්හානයත් මුහුම් වෙමින් පැවතුනේ වෙද, සියල්ලට නුඹ හා තුරුලුව වියපත් දිවියට ප්‍රවිශ්ට වීමට හිඳියෙමි... මා නුඹට සරතක් වූ නමුදු, සරතෙදි, සිහිලසත්,සිසිරයේදි උණුසුමත් පුජා කරන්නට හුන්නෙමි...  ඉදින් ශීත උතුරු සුළඟටත්, රළු දකුණු සුළඟටත් එක විටම මුහුණ දෙන මා හසුන්පත් එවීම වරදක් බව මම නොදකිමි...
නමුත් මේ නුඹේ සීත වදන් රැල් වල මෙන් නුඹේ කාලතරණයේ අවශේෂ සංක්ෂිප්තය නුඹටම පහදාලමි...


නමුත් සියල්ලම මෙහි සංක්ෂිප්ත නොකරමි... නුඹට මා නොව, ඇත්තෙන්ම මට නුඹව මඟහැරුණු බව දනිමි.. ඒ ඔබේ සටන් ජවනිකාවල අරුමයයි... කලි යුගය නිමා නොවනු ඇත.. අතීතය තිතක් වේ නම් අනාගතය මහා කාව්‍යක් වන්නට, ඔබේ විචිකිඡ්ඡා හදවත පුලුස්සා, හිරි ඔතප් සුරක්ෂිත කරන්නට සපත කරේ නම් මම පැමිණෙමි... අකර්මණ්‍ය හදවතින් වුව නුඹට නැවත ප්‍රේම කරනෙමි...

12 comments:

  1. මේ අරූ කව්ද? අපි දන්න අරුණමද?

    ReplyDelete
    Replies
    1. ඔහු නෙවේ.. මේ මම.. ගැල්ලමයෙක්..

      Delete
    2. https://arugeadaviya.blogspot.com/
      http://arugeadaviya.wordpress.com/

      Delete
    3. හී හී.. මං නෙවේ ඒ.. මං ඒ බ්ලොග් එක කියෝලා තියෙනවා දේශක යානෙනි.

      Delete
  2. ගොඩක් ස්තූතියි අරූ <3
    මේක මගේ එකට වඩා ලස්සනම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි අමා..දෙවනි වරටත්... නමුත් අමා තරම් දක්ෂයෙක් නොවෙමි.. මං..

      Delete
  3. හරිම අපූරුයි අරූ.. හදවතට දැනුනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙල්ල...

      Delete
  4. ලස්සනට ලියලා අරූ. ඒ වචනනම් මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ජයවේවා...!!!

      Delete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...