කුමුදුනී
සීත කඳුකර දැනෙන දාහය
වැරෙන් අතගා පිස දමා
තේ දල්ල අතගා හිනැහුනා ඇය
සුවඳ බැව් හෙමිහිට පවසලා...
ජීවිතය නම් සුවඳවත් නැත
එබැව් අමතක කර දමා.
කඳුලු ඉහිරුන කන්ද පාමුල
කුමුදුනී සක්මන් කලා..
හවස ගැල්වෙන බෙහෙත් තෛලය
ඊයේ අහවර උන නිසා
අමතක කලා ඈ වේදනාවන්
හෙටත් තේ දලු ඇති නිසා..
කන්ද අභිමුව පැකිලෙනා පය
දහස් වරෙකත් සඟවලා
කඳුලු ඉහිරුනු වත්ත කෙලවර
නොබලන්න අදිටන් කලා..
ලස්සනයි අරූ.
ReplyDelete3වන කවියේ තාලය ටිකක් අවුල් වගේ. පද ටිකක් එහෙ මෙහෙ කරානම් ඒ ගතිය හරියයි.
ජයවේවා!!!
දුක්බරයි. ලස්සනයි අරූ
ReplyDelete++++
ReplyDelete