බන්ධන 06 (අවසාන කොටස.)
=================================
ගෙදර යද්දි නිරංජන් ඇවිත් හිටියේ නැහැ... අම්මා නම් පුපුර පුපුර හිටියා..
ආපු ගමන් ඔලුව රිදෙනවා කියලා ඇඳට ගියේ ගෙදර කාටවත් මුහුන දෙන්න අවශ්‍ය නුවුන නිසයි..
අම්මා නම් නිරංජන්ගේ කනේ කේලම හරිම ලස්සනට ලුණු මිරිස් එක්ක තියලා තිබුනා...
පරක්කු වුනේ ට්‍රැෆික් නිසා කියලා බේරුනා. ඒත් රෑ වෙනකම් කලේ මොනාද පොඩ්ඩක් විතර බිරුවා විතරයි.. උඩු බිරලීමක් උනේ නැහැ..
අම්මා ගෙනිච්ච ගිනි පුලිඟු දිය යට හැමදාම වගේ හැංගිලා තිබ්බා.. ඒවට පිලිස්සුන නිරංජන් මට කුංචනාද කලා..ඒවා නිකම් පුස් වෙඩිලි වගේ මගේ කනට දැනුනේ.. මං නිරංජන්ට ආදරේ කරන එක නවත්තලා තිබුනේ දෙවනි වතාවටත්... කොච්චර කලත් කූඩැල්ලා මෙට්ටේ තියන්න බැහැ වගේ නිරංජනුත් මගේ හදවතේ තියා ගන්න බැරි වුනා.
මට වුවමනා වුනේ් නැහැ මගේ පතිවතට ඇල්පෙනෙත්ති තුඩක සිදුරක්වත් ඇති කරගන්න...
ඒත් හැමදාම සිද්ධ වෙන්නේ අපි නොහිතන, නොපතන දේවල්.. ඒ වගේම මෙතනත් සිද්ධ වුනේ ඒත් මට ඕන නොවුන දේම අවසානයේ සිද්ධ වෙලා තිවුනේ... මං ඉවෝන් එක්ක කතා නොකර ඉන්න උත්සහ කලා...
ඒකත් හරියට ගඟට කපපු ඉනි වගේ මගේ හිත හැමදාම සිතුවිලි ගඟකට වැටිලා ගහගෙන ගහගෙන ගියා.. මං හැරිලා බලනකොට හුඟක් දේවල් සිද්ධ වෙලා...
ඒ අස්සේ, මගේ හිත ගිනි කබලක් වෙන්න ගත්තා නිරංජන් හා ඔහුගේ මව එක්ක එක වහලයට විසීම.. මොකද නිරංජන්ගේ අම්මා හැමවෙලේම ළමයි ගැන කිය කිය හිත නියපොත්තෙන් හුරන්න පටන් අරන් තිබුනේ, මගේ හදවත.. ඇය හැකියාවක් තිබුනා නම් හදවත ගලවලා සිය සුරතට ගන්න බව මට පුදුමයක් වුනේ නැහැ..
"මට බැන්දලා අවුරුද්දක් යන්න හම්බුන් නෑ. නිරංජන්ගේ අයියා බඩට එනකොට . කොහෙද ඒකට වාසනවක් තියෙන්න එපැයි.."
අතරින් පතර නුවර අහස වගේ හැමවෙලේම මේ වගේ කතා උත්කෘෂ්ටව නැඟි හිඳ මගේ හදවත බිඳලා දැම්මා..
" හරි හමන් ගෑනියෙක් ගන්න පුතාටත් බැරි වුනානේ..."
ඔය කතාවලට නිරංජන් කිසිදෙයක් නොකිව්වත් නිහඬව ඉන්න එකම හූමිටි තැබීමක් වුනා... අම්මත් පුලුවන් නම් කිනිස්සක්ම අරන් තමන්ගේ ලේලිට අනින්න බලන් හිටියේ..
ඉවසන්න බැරි තැන තමයි මං දුක කියන්න කෙනෙක් හොයාගෙන යන්න ගත්තේ...
එතන හිටියේ ඉවෝන්.... ගැහැනුන්ගේ කඳුලු වලින් පිරිමි ප්‍රයෝජන ගන්නවා කියන්නේ ඇත්ත කියලා මට දැනුනේ එදා.... එදත් මං තහනම් ගහේ ගෙඩි කෑවා... ඒක නම් වුනේ මට තිබ්බ තරහටමයි..
එහෙම තමයි දෙවනි, තුන්වෙනි වතාවටත් මං නිරංජන්ට හොරා තහනම් ගහේ ඵල නෙලන්න ගියේ.. ඉන් පස්සේ මට විස්සෝප වෙන්න කාරනා තිබුනේ නැහැ.. මොකද මං ඒ ඵල වල රසට ඇබ්බැහි වෙලා තිබුනේ.. වැරද්දක් තුන්පාරකට වඩා කරනවා නම් ඒ වැරැද්ද වැරැද්දෙන් මිදිලා පුරුද්දකට යනවා කියන කියමන සත්‍ය වෙමින් පැවතුනේ...
නිරංජන්ට මගේ වෙනස්කම් තේරුනද නැද්ද කියන්න මං දැනන් හිටියේ නැහැ..
එහෙම තමයි තහනම් ගහේ ඵලයක් මගේ කුස යහනේ හැමෝටම හොරෙන් මූලකේෂ ඉඳන්, මුදුන් මුලක් දක්වා වර්ධනය වෙන්න ගත්තේ.. මටත් ඕන වෙලා තිබුනේ දරුවෙක්...
මං හුඟක් උත්සහ කලා රඟපාන්න..
"අසනීපයි මට.. බෙහෙත් ගේන්න යමුද.."
නිරංජන්ගෙන් ඇහුවේ මෝනින් සික්නස් දවස් දෙකතුනක්ම හැදිලා ඉවසගන්න බැරිව.... එතකොට මං යුරීන් ටෙස්ට් එක කර හතර පාරක් කරලා හතර වතාවම පොසිටිව් වෙලා හිටියේ...
දොස්තර ළඟට ගියාම මට කියන්න ඕන නෑනේ දොස්තරම මං ගැබ්ගෙන ඇති බව කියනවනේ... කොහොම වුනත් මං නිරංජන්ට අවැසි දේවල් බිරිඳක් වශයෙන් සිදු කරමින් උන්නේ.. හැමදාම...
ගැබ් ගැනීමත් සැකයක් නොහිතේවී කියලා මට අවිශ්වාසයක් තිබුනේ නැහැ...
ඇත්තටම මේ ජීවියා නිරංජන්ට අයිති වස්තුවක්ද, ඉවෝන්ට අයිති වස්තුවක්ද කියන්න මං දැනන් හිටියේ නැහැ.. ඒත් අවුරුදු තුනහමාරක් තිස්සේ නිරංජන්ට අයිතිවාසිකමක් කියන්න පුලුවන් ප්‍රාණියෙක් මගේ කුසට වැඩියේ නැති නිසාම මට විශ්වාසයක් තිබ්බෙම ඒ ඉවෝන්ගේම අයිතියක් කියලා....
" මයි කන්ග්‍රැජුලේෂන් මිස්ට...ඔයාගේ වයිෆ් ප්‍රෙග්නට් මං හිතන්නේ. තව ටෙස්ට් වගයක් තියනවා ඒවා කරලම තහවුරු කරගමු.."
එච් සී ජී චෙක් කරලා දොස්තර එහෙම කියනකොට මට නිරංජන්ගේ මුහුණ බලා ගන්න බැරි වුනා... ඒත් මට නම් ඇති වුනේ කියා ගන්න බැරි සතුටක්.. මොකද මට වඳ ගෑනි කියලා නොකිව්වට හැමෝම ඒ ගැන කතා කරන බව මං දෑනන් හිටියා... ඉතින් දැන් මං වඳ නැහැනේ.. ඒක ඔප්පු වෙලා ඉවරනේ...
ගෙදර එනකම් නිරංජන් වචනයක් කතා කලේ නැහැ.. ඒ සතුටටද, නැත්තම් පුදුමයටද කියලා මට වෙන් කරලා හඳුන ගන්න බැරිවුනා...
"ඔය අවජාතක දරුවා කාගෙද..?"
"මොකක්..?"
"මං දන්නවා ඔය දරුවා මගේ නොවන විත්තිය..."
" වඳ කියලා නේද හිතුවේ මං..?"
"වඳ හරි නැතුව හරි, මට කියනවා තමුසේ කා එක්කද ඇඳට නැග්ගේ කියලා..."
"මේ දරුවා ඔයාගේ.. වෙන කාගෙවත් නෙවේ.."
" දරුවා මගේ නෙවෙයි කියලා මං දන්නවා...කියනවද නැද්ද.?"
නිරංජන් හිටියේ යක්ෂාවේස වෙලා..
මට බයක් හිතුනේ නැහැ. දැන් මං එක්කෙනෙක් නෙවේ.. දෙන්නෙක්ගේ ශක්තිය තියනවා මට...
"ඒ කියන්නෙ ඔයා දැනන් හිටියා ඔයා වඳයි කියලා.."
ඒක කියනවත් එක්කම නිරංජන් ගේ මූන බලන් ඉද්දිම කළු වුනා...
මට තවදුරටත් කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ...
============================
අවසානයි...
++++++++++
ReplyDeleteඅවසානය නියමයි.
ස්තූතියි අසංග... මුල සිට අවසානය දක්වාම ඉවසිල්ලෙන් හිටියට තුති...
Deleteඅපොයි අරූ අන්තිම කොටසටනේ සබරේ සෙට් උනේ හිටින්කෝ නිවාඩු පාඩු වෙලාවක ඔක්කොම ටික කියවන්න ආයිත් එන්ට
ReplyDeleteහා හා කියවන්ටකො එහෙනම් ඔක්කොම.. ස්තූතියි ආවට මේ පැත්තේ
Deleteහොඳ කතවාක් අරු... මිනිස් ජිවිත හැල හැප්පෙන හැටි hari පුදුමයි... ජයවීවා !!!
ReplyDeleteබොහොම ස්තූතියි පිලො... 😃😃😃😃😃
Delete