බන්ධන 05

පළමුවෙන්ම සමාව අයදිනවා.. මගේ මේ "බන්ධන" කෙටි නවකතාව මේ තරම් දිග ඇදුන එක.. මට ලියන්න වෙලාවක් හොයාගන්න හරි අමාරුයි දැන්...බස් වලදි, ට්‍රේන් එකේදි හරි ෆෝන් එකේ කොටන කතා තමයි බ්ලොග් එකේන් ඔයාලා කියවන්නේ...
අඹ ගෙඩි රාජ්‍යය කතාවත් ඉක්මන්ට ඉවර කරන්න මං පොරොන්දු වෙනවා.. කියවපු අය පුලුවන් නම් අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.. අදහස් නොදැම්මත් කියවන හුඟක් පාඨකයෝ ඉන්නවා කියලා මං දන්නවා... ඒ හැමෝටම ස්තූතියි.. 
කතාව අමතක අය මෙතන කොටස් වලට ගිහින් කැමති නම් මතක් කර ගන්න..


==================================


එක්සිබිෂන් එක ඉවර වුනේ හයට.. මං එන්න හදද්දී ඉවෝන් මාව තියා ගත්තා ඩ්‍රොප් කරන්නම් කියලම...
මටත් ගල්කිස්සට රෑ වෙලා යන එක එපා වෙන වැඩක් නිසා මමත් හිටියා...

මාවත් දාන් කාර් එකේ නිරංජන් ගිහින් තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්..
ගෑණියෙක්ට තමන්ගේ කියන පිරිමියකු එක්ක මෙහෙම යද්දි දැනෙන සතුට කියන්න තේරෙන් නෑ.
වැරදි උනත් මට දැනෙමින් තිබුබේ ඒ වගේ හැඟීමක්. ගියර් දාන කොට ඉවෝන්ගේ අත,මගේ ඇඟිලි ස්පර්ශ වෙනවා දැනුනා.. ඒක මං නොදැනුනා වගේ උන්නේ ඒ ස්පර්ශ වීමෙත් සතුට තිබුන නිසා.. ඒ ස්පර්ශය ටික වෙලාවක් යනකොට වැඩි වැඩියෙන් දැනෙන්න පටන් අරන් තිබුනේ. 
එක පාර අතැඟිලි පඩිපෙල නගිනවා වගේ දැනෙනකොට මං හිටියේ අසිහියෙන් වගේ.. ඇත්තටම සම්පුර්ණයෙන් ඉන්ටර්කූල් කරපු වාහනයක ඇඳන් උන්න බ්ලවුස් එක තෙත් වෙන්න තරම් දාඩිය දැම්මා.. සමහර විට කම්පන එක සියයක් ඇති වෙන්න ඇති.. මට සිහි එලව ගන්න පුලුවන් වුනේ සමහර ධ්වනි කම්පන වලට විතරයි. ඒ ධ්වනි කම්පන මගේ කර්න පටහා පටලයෙන් ඇතුල් වෙලා එයාම හොයා ගත්ත කෙටි මාර්ගයක් දිගේ මගේ හදවතේ අන්තයටම ගමන් කරලා ස්ථිරෙටම තැන්පත් වුනා..  ධ්වනි කම්පන කිහිපයක් ඇති වෙනකොට ස්පර්ශ කම්පන දහසක් විතර ඇති වෙලා.. ඒවත් නිකම් රැලිති ටැංකියේ ජල කම්පන වගේ ආයේ ආයේ ඇති වෙමින් තිබුනේ. මට ඇත්තටම  සිහියක් තිබුනේ නෑ...

මං සිහි එලවා ගන්නකොට හුඟක් දේවල් සිදු වෙලා තිබුනා. ඒත් මට සතුටක් දැනුනේ නෑ. වරදකාරී හැඟීමක් විතරයි දැනුනේ... ඒත් ඇත්ත තමයි, මගේ හැඟීම් දියයට ගිල්ලන රබර් බෝලයක් වගේ හැමවෙලේම උඩටම මතුවුන එක...
හැමදේම ඉවර උනාට පස්සේ අපි ඩිනර් අරන් යමුද කියලා අහද්දි ගැහැනු හිතට දෙන්න උත්තර තිබ්බේ නැහැ.. මං කලේ ඉවෝන්ගේ පස්සෙන් ඇදුන එක.. සමහර විට උත්සර්ජනය වෙලා තිබ්බ හැඟීම් ටික වලලන්න පොඩිවෙලාවක් ඕන වෙලාද නැතිනම් තවදුරටත් උත්සර්ජනය කර ගන්න තියන වුවමනාවටද කියන්න මං දැනන් හිටියේ නැහැ...
අපි කෑම අරන් ඉවර වෙනකොට නවය පහු වෙලා... මං ඇත්තටම වෙඩින් එකකට ගිහින් කාලා තියනවා ඇරෙන්න ඒ වගේ ඩිනර් එකක් අරන් තිබුනේ නැහැ.. හැමදේම කිය දුන්නේ ඉවෝන්, ඇපටයිටස් වලටයි සුප් තියෙන්නෙ කියලා මං දැන ගත්තේ ඉවෝන්ගෙන්.. ඉන් පස්සේ නුඩ්ල්ස් කෑවේ . මට ඇත්තටම කන්න පිරියක් තිබුනේ නැහැ.. අපි අත ගගා පොඩ්ඩක් කෑවා විතරයි. කාල ගණනය පිලිබඳ මට තේරුමක් තිබුනේ නැහැ...කාලය ගැන තියා වෙන්නේ මොනවද කියන දේ ගැන වත් මට අදහසක් තිබුනේ නැහැ ඇත්තටම...
ආයේ දවසක හම්බෙමුද කියලා අහද්දී මාව ආයේ පාරක් දසදහස් වෙනි වතාවට වගේ සීතල වෙලා ගියා.. 
ඉවෝන් ගෙවල් ළඟ හැරෙන පාරෙන් මාව බස්සගෙන ගියා...

>>>to be continue >>>

Comments

Popular Posts