තරු රටා ප්‍රේමය
දිදුලලා ගනඳුරු රැයේ
පීදිලා තනි අම්බරේ
තරුත් නැති,ඒ හඳත් නැති ඒ
ඔරායන් පිපුනේ බක්මහේ....
දඩයක්කරුවෙක් නම් නොවේ..
ප්‍රේමයේ මල් දොරටු හැරලා
මල් දුනුද අතිනත් දරා
මල් මී පැණිද පෙරී තිබ්බා...
පැමිණියේ මහ වේගයෙන්
තනියෙනි දිගේලි අශ්වයා
නිනව්වක් නැති කොඩිවිනේ වී
නැවතුනා සඳ ඒ එදා..
ඔරායන් වූ මල්සරා
ඉන්නවා දැන් පිල් හලා
මල් හීසර විදා එදවස
මැව්ව ප්‍රේමය මියගියා
මිය ගිහිපු දකුණු අහසට
දුනු සතරක්‍ය විදාලා
මැව්ව කුරුසිය දිදුලලා
රජකරන් දකුණේ ඉන්නවා
ඈව තබලා ඇණ ගසා
යන්න යනවා මල්සරා
පණ ඇද ඇදා උන්නු දුනුවා
තැලුවේ බඳ පටිය ගලවා...
නොදැන සේ චපලම වෙලා
අස්පයා පෙම්බර වෙලා
අහිංසක ඒ මල්සරා හට
මුග්ද වූයේ ඈ තමා..
මල්සරා දැන් දුනු දරා
ඔරායන් වී ගගන පාමුල
ඉන්නවා මල් පෙති හලා...
රළුම රළු දුනුවා වෙලා....
තනි දිගේලි අස්පයා..
කිසිඳුවක් නොදැනේ කියා..
ආයේ එන බක්මහේ එන්නේ
කියා බැහැලා ගියා..
ලස්සනයි සහෝදරයා
ReplyDeleteස්තූතියි සහෝ...
Deleteලස්සනයි අරූ.
ReplyDeleteජයවේවා!!!
කවියේ වචන ඉස්තරම්. ඒත් මම මේ ජාතියේ කවි වලට කැමති නෑ. සඳැසක් හෝ නිසදැසක් වේවා,මට තාලයක් ඕනේ. මියුසික් දෙන්න පුලුවන්, ළමයි නලවන්න පුලුවන් තාලයක් නෙමෙයි. හරියට නිකන් එක හුස්මට කියවගන යන්න පුලුවන් වගේ එකක්. කවියෙන් කවියට, පේලියෙන් පේලියට රිදම් එක වෙනස්වෙනකොට මට අවුල්. එකාතකට මට අවුල්වුනාට අනිත් එවුන්ට පාන්'යෑ.....
ReplyDeleteජයවේවා....
ඒකට මාත් එකඟ වෙනවා.. ඒ විදියට ලියා ගන්න බැරි වුනාම මොනා කරන්නද.. අනික නිරායාසයෙන්ම එන විදියට තමා මං ලියන්නේ එලි වැට සමරපු එකක් හරි ඉක්මන්ට පෝස්ට් කරන්නම්කෝ...
Deleteඅගෙයි
ReplyDeleteස්තූතියි
Delete