නොමියන මියයාම්....



"දන්නවද.. මට දැන් අවයව හුඟක් නෑ...
මුලින්ම නැතිවුනේ මගේ හදවත... හදවත නැති වුනාම මගේ පෙනහළු නැති වුනා.. ඉන් පස්සේ ඇස් කන් වගේ කිසිම දැනීම් දැනෙන ඉන්ද්‍රියක් තියෙන්න වුනේ නෑ... ඉන් පස්සේ අක්මාවත් නැහැලු..."

පේෂන්ට් හයියෙන් සද්දේ දාගෙන ඔක්කාරේ කලා...

"හිමටොමෙසිස්"

මං බී.එච්.ටී. එකේ ලිව්වා..

ඇත්තටම හදවත නැහැ වගේ. ප්‍රේෂර් ඩිටෙක්ට් වුනේ නැහැ මොනිටර් එකට.. 
52/84 අන්තිමට මොනිටර් එක පෙන්නුවා.. සිස්‍ටොලික් 52ක්?

"ප්‍රේෂන්ට්  යන්නේ ඇරස්ට් වෙන්න.."

කෑ ගැහුනා මට... 

නර්ස් ඇවිත් ග්‍රීන් කැනුලා එකක් දැම්මා.. "ඉක්මන්ට ඩ්‍රිප් එකක් පටන් ගන්න.."
ඒ එක්කම තව නර්ස් කෙනෙක් සේලයින් එකක් උස්සන් ඇවිත් තිබ්බා...

"මං මේ තුන් වෙනි පාර එක දිගට ලේ වමනේ දැම්ම.. දන්නවද මේ ඔක්කොටම වග කියන්න ඕන දේ...හිස්ට්‍රි එක කියන්න ඕනා මට... ඩොක්ටර් අහන් ඉන්න පුලුවන්ද..."

එයා වගේම කොන්ඩේ පැත්තෙන් බෙදලා උන්නේ ඩොක්ටර්ත්... දඟලන ඇස්.. එයාගෙ නම් සතුටින්.. ඒත් ඩොක්ටර් බයෙන් ඉන්නේ.. ඒක මට තේරුනා... මට බයක් නෑ.. ලේ එක්ක වමනේ දානකොට බඩ පිලිස්සිගෙන එනවා දැනෙනවා.. එතකොට මට මතක් වෙනවා මට දැනීම් නෑ නේද කියලා... මං නොදැනෙනවා වගේ ඉන්නවා...

"ඩොක්ටර් අහන් ඉන්න පුලුවන් නේද... ඔයාට මේ කතාව කියන්නම ඕනා.. ඇයි දන්නවද.. ඒකටත් ලොකු හේතුවක් තියනවා.. ඒක මං පස්සේ කියන්නම්.. මේ හැමදේම පටන් ගත්තේ  අවුරුදු තුකකට හතරකට කලින්..එතකොට මං හිටියේ තනියම සොයිසාපුර ෆ්ලැට් වල... මගේ එහා පැත්තේ ෆ්ලැට් එකේ හිටියේ සැලුන් එකක් කරන කෙල්ලෙක්.. මුලදි මං එක්ක හිනා වුනා විතරයි.. ටික දවසක් යද්දී ලිෆ්ට් එකේදි කතා කලා.. එයා එදා කිව්වා හවසට පාර්ටියක් තියනවා කියලා එන්න කියලා.. එහෙම තමා මං එයාව අඳුන ගත්තේ... "

"ඩොක්ටර් ආයේ වමනේ යන්න එනවා.."

"මේ වමනේ නවත්තන්න බැරිද ඩොක්ටර්.. මට කතාව කියන්න ඕනා...

"ඒ පාර්ටි එකට වැඩිය කට්ටිය ඇවිත් හිටියේ නෑ.. එයාගේ යාලුවෝ හතරක් විතර ආවේ.. එයාලා සිංදු කිව්වා... බියර් බිව්වා... එයා අපිට ස්පැගටි  එක්ක සුප් හදලා තිබුනා.. අපි සුප් බීලා ස්පැගටි  කෑවා.. අපි එක එක ටොපික් අරං කතා කලා.. මුලින්ම ගත්තේ ජොබ් එක.. මගේ ජොබ් එක කිව්වම එයාලා වැඩිය කෙයාර් කලේ නෑ.. මොකද එතන හිටපු හැමෝම කලේ තමන්ගේම බිස්නස්... ඒ නිසා එයාලට සල්ලි තිබුනා.. ඉන් පස්සේ අපේ මාතෘකාව වුනේ ආදරය.. මං කිව්වා මට ආදරේ කරන්න තේරෙන් නෑ කියලා, එයා ඒක උගන්නන්නම් කිව්වා.. හැමෝම මහ හයියෙන් හිනා වුනා.. මට දැනුනා ඒ වෙලාවේ මගේ කන් දෙකට ලේ පිරෙනවා...
" අනේ ඔයා එයාලගේ විහිලු ගනන් ගන්න එපා අනේ." කියලා එයා මගේ අතින් ඇල්ලුවා... මාව පිච්චිලා ගියා... එදා හැමෝම ගියාට පස්සේ මං එයාට උදව්  කලා කෑම පිඟන් හෝදන්න.. එයා මං එද්දි යන්තමට කිස් එකක් දුන්නා..
ඉන් පස්සේ අපි ආදරේ කරන්න හුඟක් දේවල් කලා.. ගෝල්ෆේස් ගියා.. ඩිනර් වලට ගියා... විහාරමහා දේවි ගියා.. අපි නොගිය තැනක් නෑ වගේ මේ කොළඹ... ඒ තරම් අපි ඇවිද්දා... ඒත්, එක දවසක්... ඒක වුනේ ගෝල්ෆේස් එකේ දී... ආයේ අපි හම්බෙන් නෑ කියලා එයා ගියා... මට ආදරේ කරන්න උගන්නපු කෙල්ල... තව කොල්ලෙක්ට ආදරේ කරන්න පෝරුවට නැගලා.. මට ආරංචි වුනේ හුඟක් පස්සේ... මගේ හදවත නැති වුනේ ඒකෙන්.. හරියටම කියනවා නම් මං ආයේ තනියම ගෝල්ෆේස් විහාරමහාදේවි ගියා.. එතකොට මගේ හදවතේ කෑලි තිබුනා.. සමහර ඒවා මලකඩ කාලා.. සමහර ඒවා තවත් කුඩු වෙන්නම බිඳිලා... මට ඒවා ඇහිඳ ගන්න වුවමනා වුනේ නෑ... හදවත නෑ කියලා දැනුනේ මට පස්සේ පස්සේ අඬන්න, හිනා වෙන්න දැනීමක් ආවේ නැති නිසා.. මං ඔහේ කෑවා බිව්වා... වැඩට ගියා.. අහ්...මට කියන්න බැරි වුනා මං සොෆ්ට් වෙයාර් ඉංජිනියර් කෙනෙක්.. උදේම වැඩට ගියා.. රෑට ගෙදර ආවා.. රෑට එද්දි, හැමදාම බ්‍රැන්ඩි, විස්කි බෝතලයක් ගෙනාවා.. ඒක බීලා නිදා ගත්තා... හැමදාම හැමවෙලේම සිගරට් ගැහුවා... ඉතින් මගේ පෙනහළු ගැන අහන්න දෙයක්ද නේද ඩොක්ටර් ....??"

"ආයේ උදේ වැඩට ගියා.. සමහර දවසට බොස්ගෙන් බැනුම් ඇහුවා.. ඒත් ඒ ගැන වුනත් මට ගානක් වුනේ නෑ... පස්සේ මට සිරෝසිස් හැදුනා.. ඒත් මගේ ජීවිතය වෙනස් කරන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.. හැමදේමමං පුරුදු විදියට කරගෙන ගියා... ඒකයි ඩොක්ටර් හිස්ට්‍රිය.."

"පේෂන් ඇරස්ට්.." ඉක්මන්ට ඇම්බු කරන්න.. මං හාර්ට් මසාජ් දෙමින් කෑගැහුවා...

Comments

  1. අපූරුයි අරූ. ඡේද අතර ඉඩක් තිබ්බානම් කියවන්න තවත් පහසුයි නේද අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හරි දුමී.. ස්තූතියි කිව්වට... මං හැදුවා ඒක..

      Delete
  2. හොද ලියවිල්ලක් අරූ

    ReplyDelete

Post a Comment

Popular Posts