බන්ධන 04

***********************************
නොකියාම උදේ පාන්දරම නිරංජන්ගේ අම්මා කඩා වැදුනේ අම්බලමකට එන යාචකයෙක් වගේ... මට හුඟක් තරහා ගියේ ආපු ගමන්ම මිදුල අතු නොගාපු වැරැද්ද කියාගෙනම ආපු නිසා... කොහොම වුනත් මගේ නැන්දම්මගේ මේ පැමිණීමේ හේතුව නම් මට රහසක් වුනේ නැහැ.. මොකද මේ වගේ ගමන් වල හේතුව නිරංජන්ගේ අයියගේ ගෙදර ඉන්න අම්මා එක පාර ගාල කඩාගෙන එන හරකා වගේ එන්නේ, ලොකු ලේලී එක්ක ගෝරනාඩුවක් ඇද ගත්තට පස්සේ...
"උඹට ළමයි ඉන්නවයෑ... මහ වැඩක් තියනවා වගේ, මිදුල පොඩ්ඩක් අතු ගාලා තියන්න බැහැ..."
ඇඳන් ඉන්නේ ඔසරිය වුනාට නැන්දම්මගේ  කටට නම් මුඩුක්කු ගෑනුත් පරාදයි..
මං මුකුත් නොකිය කරබාන් හිටියා. ළමයි නැති කතාවට නම් මට හුඟක් තරහා ගියා.. ඒත් මං විස්සේ ඉඳන් එක වෙනකම් හතර පාරක් ගණන් කලා.. එතකොට තරහා නිවුන නිසා ඒ කතාව අමතක වෙලා ගියා...
නිරංජන් ඉක්මන්ට ලැහැස්ති වෙලා ගෙදරින් පැනලා ගියා... ඒත් මං මී කතුරට අහු වුන මීයා වගේ ගෙදර ඉන්න උනා... අම්මට සලකන්න... මං එදා හිටියේ එක්සිබිෂන් එකක් බලන්න යන්න... ඒක ඉවෝන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය... ඒත් මට ඒක මිස් කරගන්න වුවමනාවක් තිබුනේ නැහැ... අම්මගෙන් බේරිලා යන එකත් බොරු... ඉවෝනුත් මැසේජ් අටක් එවලා තිබුනා එන්නේ නැද්ද අහලා... මං උයලා කරලා එක වෙද්දී ආයේ ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇඳ ගත්තා...
"කොහේ යන්නද.."
දැක්ක ගමන් අම්මට ඕපදූපේ ඕන වුනා...
"ළඟට ගිහින් එන්න..."
"මොකටද යන්නේ..."
"ප්‍රදර්ශනයක් බලන්න..."
"කොහෙද.."
"බීඑම්අයිසීඑච් එකේ.. "
"ඒ මොකටද යන්නේ.."
"බලන්න.."
"බලන්න කියලා කියන්න ඕන් නෑනේ.."
"හරි වැඩක්නේ අම්මේ මටත් වැඩ තියනවා.. හැමදේම කියන්න ඕන නැහැනේ.. නිරංජන්වත් අහන් නෑ.. අනික මං නිරංජන් යන තැන් අහනවද... අම්මා කොහේ ඉලව්වක ඉඳලා ආවද ඇහුවද.... අම්ම එක පාර ඉන්නවා. යනවා.. අපි අහනවද කොහෙද යන්නේ. කොහෙද හිටියේ කියලා..."
තිබ්බ තරහා ඔක්කොම ඇරලා දැම්මා...
ඉන් පස්සේ අම්මගේ කටත් ඇරුනා.. ඒත් මං කිසි දෙයක් නොකිය යතුරක් අරං එලියට බැස්සා.. මුලින්ම ආපු ත්‍රී විල් එකේ ටවුමට ගිහින් 154ක් අල්ලා ගත්තා...
මං එතනට යද්දි පරක්කුයි.. හුඟක් සෙනඟ නම් පිරිලා හිටියා.. ඇත්තටම ඒක ඉවෝන්ගේ විතරක් නෙවේ, පස්දෙනෙකුගේ සිතුවම් ප්‍රදර්ශනයක්...
ඉවෝන් හිටියේ ගෑනු ගොඩක් වට කරන්.. මට ඉරිසියාත් හිතුනා.. ඒත් ඒක මට අයිති හැඟීමක් නෙවේ නිසා අමතක කරන්න උත්සහ කරන ගමන් එයා එක්ක හිනා වුනා.. එයා මාව දැකලා ඒ ගෑනු ටිකට එක්ස්කියුස් කරලා මගේ ළඟට දුවන් ආවා.. මට කියන්න අමතක වුනා ඒ දවස් වල හිටියේ එයා තනියෙන්.. එයාගේ පෙම්වතිය එක්ක වෙන් වෙලා..
මාව වටේම එක්ක ගියා.. චිත්‍ර පෙන්නන්න...එයා පුදුම කලාකාමියෙක් කියලා මට හිතුනා.. කවි ලියන්න වගේම චිත්‍ර අඳින්නත් පුලුවන්...සමහර චිත්‍ර යටින් කවි පේලි දෙකක් ලියලත් තිබුනා... ලස්සන චිත්‍ර ටික.. මගේ හිත එහෙම්මම නිවිලා ගියා.. අන්තිම චිත්‍රය දැක්කම මාවා සීතල වුනා.. ඒක මගේ චිත්‍රයක්.. ඒත් මං කියලා දන්නේ සමහරවිට මෙතන ඉන්න අයගෙන් එයයි, මායි විතරයි... මගේ මුහුන නොපෙනෙන ඒ සිතුවම මගේ බව මට සැකයක් තිබුනේ නැහැ කොහොමටවත්...
ඒත් මගේ සිරුරේ හැඩතල නොදැකම ඒ තරම් ලස්සනට ඇඳපු එකට මට පුදුම හිතුනා ඒ වගේම ලැජ්ජත් හිතුනා... 



*********************************
ඉදිරියට>>>

Comments

  1. Replies
    1. ස්තූතියි දිලිනි...

      Delete
  2. රහයි මේක.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ජයවේවා

      Delete
  3. මේ කතාව ගලාගෙන යන විදිහට ආස හිතෙනවා .සුපුරුදු නැන්දම්මා ඇවිත් මේක සුපුරුදු කතාවක් නොකරයි කියල බලාපොරොත්තු වෙනවා . අවස්ථා දෙක වෙනස් උනත් ප්‍රදර්ශනය ගැන කියවද්දී fifty shades darker පොතේ කොටසක් මතක් වුනා .

    ReplyDelete
    Replies
    1. Fifty shades darker පොතවත් ඒ film එකවත් මට බලන්න උනේ නෑ, මට තවම .

      දීර්ඝ කොටස් කතා ලියන්න තේරෙන් නෑ. මං මේ කතාව ලියන්න ගත්තේ test කරන්න වගේ .. කොටස් කතා ලියන එක මහ කම්මැලි වැඩක්... ^_^

      Delete
  4. පහුවෙලා ආවේ අනික් කොටසුත් දාන්න ඉක්මණට

    ReplyDelete
    Replies
    1. හරි උත්සහ කරන්නම්කෝ

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා