දිනිඳු සහ තරිඳු
කැළඹිල්ලකට හසු වෙලා - තැනිතලා බිම් මැදින්
නැගුනේ මේ කඳු පන්ති - කල්පකාන්තරයකට කලින්.
කොහෙන් එබිකම් කලත් - නිතරඟෙයෙන් ජයගන්නේ දිනිඳු..
හෙමිහෙමින් ඇබිත්තියන්ව - ලැජ්ජවට හැංගෙන්නේ තරිඳු..
නිල් තැන්න වසාගෙන - පිනිබිංදු මවාගෙන
අරුණෝදේ හිරු කිරන - වඩින්නේ කඳුවැටි මතින..
කළුවරට බයේ දොර වහන් - හැංගෙනකොට දිනිඳු
ලැජ්ජාව විසිකරන් බැබලෙන්න - අඳුරේම වඩින්නේ තරිඳු...
හරි හොරෙන් කඳු මුදුන් - සිප ගන්නේ වලාකුලු
දුක බර දැනුන කාලෙට - වැටෙන්නේ මිහිකතට ඒ කඳු ..
උදෑසන කඳු අස්සේ හිර වෙවි - නැගෙන්නට බැරි වෙනකොට දිනිඳු
චප්ප කරන් අහස් ගව්වම - නැගෙන්නේ අහසට බය කරන් තරිඳු..
අර අපේ තරිදුවද????
ReplyDeleteඑයත් එහෙමද.. හික්ස්
Deleteලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Delete