හාදු




හැමතැනම හාදු.. මට ඕන නෑ මෙච්චර හාදු... මං ආස නිරාමිස බන්ධනයකට... හාදු මෙතනට කොහෙන් ආවද කියන්න මං දැනන් හිටියේ නෑ...

මං එයා එක්ක කතා කලා විතරයි.. එයා නම් කිව්වේ එයා රට යන නිසා මට චොක්ලට් ගේනවා කියලා.. මට ඇත්තටම චොක්ලට් ඕන නෑ අප්ෆා.. මේ විදියට පාඩුවේ ඉන්න දුන්නම ඇති...

ඒත් දැන් හැමතැනම හාදු.. ඒවා රතුපාටින් දිදුලනවත් එක්ක... ප්‍රේමයක් නැතුව කොහෙන්ද මේ හාදු...!!!රතු පාටින් දිදුලන හාදු...

"මට ඕනා මගේ ස්කැපියුලා එක හරියට වෙන්න මේ බටර්ෆ්ලයි"

ටැටු ගහන කොල්ලට කිව්වේ මං කලින් සිලෙක්ට් කරපු සමනලයව පෙන්නන ගමන්. මං මගේ බ්ලවුස් එක ගැලෙව්වා.. ටැටු ගහන පිරිමි ළමයා සමනලයා ඉන්න කොලයක් මං පෙන්නපු තැන අලවලා හොඳට පිරිමැදලා ගලවලා දැම්මා... බොරු කියන්න ඕන් නෑනේ එයා ඒක පිරි මැදපු විදියට මාව හිරි වැටුනා.. ඉන් පස්සේ එයා මැෂින් එකට අළුතින් නීඩ්ල් දාලා ස්විච් එක ඔන් කලා..

"පොඩ්ඩක් ටොලරේට් කරන් ඉන්න."

මං ඇස් පියන් හිටියේ.. ඒ වේදනාව ඉවසන්න අමාරුයි.. ඒත් මං කෙවින් ගැන හිතුවා.. ඒ මතක යාය දිගහැරියම ටැටු එකේ වේදනාව අමතක කරන්න පුලුවන් වුනා...

මගේ සුදු අම්මි කිව්ව කොල්ලා අන්තිමටම කිව්වේ මට බඩුව කියලා... මාව මුළුමනින්ම ගිනි ගත්තා.. මට ඇත්තටම සිහි එලව ගන්න බැරි වුනා..  මං බොහොම අමාරුවෙන් කියලා දැම්මා "එහෙම කරා නම් කලේ ඔයා" කියලා..
මං ඇදන් හිටියේ එයාම අරං දීපු ෆ්ලෙයාඩ් ස්කර්ට් එකයි, ස්ලීව්ලස් බ්ලවුස් එකයි.. ඒත් එයාගේ කිසිම වෙනසක් තිබුනේ නෑ.. දිගටම මාව අන්තිම පහත් විදියට දාලා බැන්නා.. මගේ ඇහෙන් එකම එක කඳුලක් වැටුනා. අනික්වා මං එහෙම්මම තද කරන් හිටියා...

අන්තිමට මට ඕන විදියටම ටැටු ගහන පිරිමි ළමයා ටැටු එක මගේ උරහිසට වෙන්න ගහලා තිබුනා.. කිසිම වේදනාවක් නැතුව...

හරියටම සතියකට පස්සේ..., එදා වැස්ස දවසක්.. මං ඔෆිස් ඇරිලා ගෙදර යන්න ඔෆිස් එකෙන් එලියට ආවා විතරයි.. කාර් එකක් මගේ ගමනට සමාන්තරව ඇවිත් නතර කලා... කාර් එකෙන් බැස්සේ එයා... රට ගිහින් ඇවිල්ලත් එක්ක...

"දන්නවද මං හිටියේ බොහොම අමාරුවෙන්.."

අමාරුව මං ඇහුවේ නෑ... මං එයාගේ අමාරු ගැන හොඳට දැනන් හිටියා.. මොකො මං එයාව ආශ්‍රය කරලා නැතෙයි...(ඒත් මට මගේ අමාරුව අමතක වුනා...)

කොහොමහරි එයා ගෙනත් තිබුනේ මාස් චොක්ලට් දෙකක් විතරයි.. මං හිතුවේ කිව්ව විදියට බරම බර චොක්ලට් බෑග් දෙක තුනක් උස්සන් ඒවී කියලා...

මං අකමැත්තෙන් වුනත් එයා එක්ක යන්න කැමති වුනා... මං ෂටර් එකෙන් එලිය බලන් ගියේ.. මඟ දිගට හුඟක් හාදු වැටිලා තිබුනා.. ඒ හාදු වල රතු පාට විරංජනය වෙමින් තිබුනේ.. ඒත් මට ඒ පැහැය හරියට අඳුන ගන්න බැරි වුනේ මගේ ඇස් නිලංකාර වෙච්ච නිසා අව්වට...

ඒක ලස්සන නිවසක්.. මගේ ඇස් නිලංකාර වෙච්චි පාර, මටත් හොරෙන් මාව ගෙදරකට ගෙනත්.. ඒක එයාලගේ ගෙදරලු.. අපේ ගෙදරට තිබුනේ එකම එක කාමරයයි.එකේ තමයි අපේ හා පවුල එකට කිටි කිටියේ පැක් වෙලා නිදා ගත්තේ... පාඩම් කලේ පොඩි ආලින්දයේ.. ඒකට වැස්සට වැටුනා.. 

ඒත් එයාගේ ගෙදර හරියට මහ මැදුරක් වගේ.. කාමර කීයක් නම් තිබ්බද.. එයාට කියලා වෙනම කාමරයක්.. 

අපි නිවස ඇතුලට ඇතුල් වුනාට පස්සේ හයියෙන් වැස්සා.. 

ඒ අතර එයා සමනලයව දැක්කා...
සමනලයව ඉපදුන හැටි දැන ගන්නකම් ඉවරයක් නැති වුනා... මං හිටියේ කතාවක් නැතුව.... කොහොම හරි වැස්සත් හිමින් හිමින් වැඩි කලා...

අන්තිමට වැස්ස වෙලා වුනේ සුදු පාට හාදු වැටෙන එක.. ඒවා හරිම වේගවත්ව වැටුනා.. රතු පාට විරංජනය වෙලා...

මං අසිහියෙන් හාදු ටික පිහලා ගෙදර එන්න පිටත් වුනා...

ඒත් ගෙදර ඇවිත් බලද්දී එක එක හාදුවක් හදවතේ ඉතිරි වෙලා තිබුනා...


Comments

  1. Replies
    1. මොකද අප්ෆා දැන් හැමවෙලේම hmmm කමෙන්ට් එවන්නේ ??? ^_^

      Delete
  2. නියමයි අරූ ,ඔයාගෙ නිර්මාණ අධි සාන්ද්‍රයි අපිට ඕනි විදිහට තනුක කරගෙන රසවිඳින්න පුළුවන් . මට හිතෙන්නේ කෙටිකතා තමයි ඔයාට ගැලපෙන්නෙම.

    ReplyDelete
    Replies
    1. වැඩිය තනුක කරන්න එපෝ... හී හී ස්තූතියි බක්කරේ... මගේ කතා විකාරයි වගේ මට...

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා