කැමති...

කිව යුතුම දේ 
කවියකට නැඟීමම අපහසු..
ඊටත් ඔබට කියවීමට තබා
කියවා රිදුන පසු 
නුඹේ වදන යළි යළි කියවීමම 
හුඟක් අපහසු...

"මං දන්නවා ඒ මං ගැනම ලියූ බව.."
යන කෙටි පණිවිඩය
පැමිණීමට පෙර, 
නිවනක්‍ බව සීතීමම
කෙතරම් අඥානද...

මේ මෝඩි තවමත් ආදරේ බව 
රහසක්ද...
රිදවන්නට පෙර මගේ සියුම් ඉසියුම් හැඟුම්
කවි කිරීමම අවැසි..
නුඹ මගේ බව අසන්නට පමණක්ම කැමති...

Comments

  1. රිදවීමද ප්‍රේමයකි කියලා දවසක් කවුදෝ මන්දා කිව්වා 🤔

    ReplyDelete
    Replies
    1. අපෝ... රිදවීම ප්‍රේමයක් වෙන්නේ කොහොමද

      Delete

Post a Comment

Popular Posts