මිතුරුකම්.

දයාද්‍රිත හදවතක් මවා 
මේකප් දා අපුරුවට 
හොරෙන් සඟවා 
කළු අඟුරු ඉරිසියාකාරත්වය.

නුඹ පිපුණේ උඩු ගුවනේ
බැබලි බැබලී ඉන්න.
මං උන්නේ පය ගසා
පොළව කුහරේ රිදුම් වුව දැනෙන.

ආදරේ පෙන්නන්න මිතුර
කඩුව සඟවා පිටුපසින් 
මිනීමරුවා නුඹ 
රවටමින් මිහිදන් කළ නුඹේ බොරු මිතුරුකම.
#අරු

Comments

  1. ගෙන දෙනා බොහො අරුතැතී
    නිමැවුමකි මෙය මිහිරැතී...

    අගෙයි.
    ජයවේවා !!!

    ReplyDelete
  2. Replies
    1. මාව මට මඟහැරී ඇති හැඩයි.
      නොලියවෙයි කිසිවක්

      Delete

Post a Comment