ප්‍රේමයේ ප්‍රාර්ථනා....




පෙම්වත,
ඔය හුඟක් ලස්සනට වහ වැටුනු කෙල්ලන්'තර,

ප්‍රේමය විහිදුවාලා අතු පතර..
"මා නුඹට නුසුදුසුයි." කියා විඳවනා හර්දය..
රකිමි මියෙනතුරු පුරවලා අනවතර පෙම් දියර...

ඉන්න බැරි තැන සීරුවට
"මා දුරින් ඉන්නම් මැණික"  යැයි වයන.
එකම එක චලනය වෘත්තීය බවම
නොදන්නවා ලෙසම නුඹ සිටීමත් අරුම..

නෙක පැහැ මල් අතර
නුඹම පෙම් කල අවලස්සනම මල..
මා හැර වෙන කවුද,
සුවඳ පමණක්ම විදාලුව...

දුකම උහලන හිතක් වුව මේ තරම් නිසල
සඟවා කඳුලු දරන බව නොදැන ඔබ
රිදවන්න එපා යලි යලිම..

ගිනි කන්දක් වුව නිසල,
පුපුරන තෙක් පමණ...

ඉදින් නුඹ තවත් සිතිය යුතුය..
පෙම් කරන බව හෙටටත් ඔය හිතම..
මුදු මලක් වුව පතන්නේ
පරවෙන්න කැමති බඹරෙකු
ළඟම පමණක්ම බව....


Comments

  1. හම්මෝ... ඒක ... නියමයි

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඇත්තමද,, ස්තූතියි හොඳේ..

      Delete
  2. සමහර මල් ලස්සන නෑ.ඒත් හරිම සුවදයි. මේත් ඒ වගේ .

    ReplyDelete
    Replies
    1. ඔව්... සමහර මල් සුවඳයි.

      Delete
  3. මලක පැතුම එයමද?
    අගෙයි.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතමු... ස්තූතියි.

      Delete
  4. "ඉන්න බැරි තැන සීරුවට
    "මා දුරින් ඉන්නම් මැණික" යැයි වයන."
    ඕ..... හිතට දැනුණා .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳවතිය... ජයවේවා ✌

      Delete

Post a Comment

Popular Posts