අමාරුම ඒකයි.

හුඟක් සීතල රෑක ඔය පුළුල් උර
මට හුඟක් උණුහුම පුදපු එකමයි වරද....

එපාම කියද්දී... අතහැර ගන්න බැරිවෙන තරමටම
ආදරේ පුදපු එකමයි අමාරූ...

ඒත් මේ අහිංසක ගෑනු හිත
හති වැටෙන කම්ම, ඔය ආදරේ පස්සේ වැටුන එකමයි දුක...

ඒ හැම දුකක්ම අස්සේ ඔබ නැතිව..
තවමත්ම හුස්ම වැටෙන එකමයි සොඳුර සියල්ලටම වඩා ඉවසන්නම අමාරුම...

Comments

  1. ළග නැති උනාම දුක කොහොමත් වැඩි අරූ එතකොට තනිකම වැඩියෙන්ම දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ.... ස්තූතියි කොමෙන්ටුවට...

      Delete

Post a Comment

Popular Posts