මියැදුනු පෙමක කොහි තවත් සැමරුම්....

සොඳුර...

මියැදුනු පෙමක කොහි තවත් සැමරුම්...

මා සොයා ඔබ අදටත්
අහසටම අමෝරා
දුනු හී, විදියි...

අහස නිසලව කැලඹෙයි..
තකහනියක්ම...
ඒ සිදුරු දිලිහෙන්න පටන් ගනී...

ඔබ නොදන්නවා වුවත්
තරු පිපෙන්නේ එහෙම,
නිර්මල අහසේ...
මා සොයා ඔබම රිද්දන අහසේ.

සොඳුර....

තවත් කොහේ සැමරුම්...
අත්‍යන්තයෙන් ඔබ්බටත්...
ඔබයි මගෙයි ප්‍රේමයේ සැමරුම්..

මා මියැදුනත්,
ඔබේ රළු පෙමම
ස්වර්ගයේ සිටද අදටත් බලා ඉමි...

ඉදින් සොඳුර,
මා බය එකම කාරනාවකි...,
මේ රළු ආදරය,
ඔබ ස්වර්ගයට ආවටත් පසු නොමියේද...

Comments

Post a Comment

Popular Posts