වලාකුලු ☁



මගේ ඇස් තිබුනේ මොහොතකට නිල් වලාකුලු වල එල්ලිලා. හරියටම කියනවා නම් මගේ උපැස් යුවල වලාකුලු බොඳ නොවී බලන්න මට උදව් කලා. ලා පැහැති නිල, ධවල පැහැති වලාකුලු එක්කලා හරියට තරඟෙක යෙදිලා වගේ මං බලා ඉද්දි මාව පහු කරලා ගියා.  ඔෆිස් එක ඇතුලේ සීතල නිසා මට ජනේල් පියන්පත් හැරලා ඒ සුන්දරත්වය විඳ ගන්න බැහැ. තට්ටු දහයක් උඩ හිටියත් වලාකුලු හිටියේ මට වඩා හුඟක් දුරින්. ඊටත් මගේ ඇතුලෙන් මහ කියගන්න බැරි දෙයක් හිර වෙලා වගේ හැඟීමක් තිබුනේ. ඒ නිසා කිසිම දෙයක් විඳින්න හැකියාවක් තිබුනේ නැහැ. හිස්කමක් වගේ දැනෙන්නේ.


ආයේ මං මගෙ ඇස් මගෙ ඉදිරිපිට තියන පරිගණක තිරයට දිවෙව්වා. අද සෙනසුරාදා නිසා වැඩි වැඩක් නෑ. සමහර විට දවල් වෙද්දි ෆෝල්ට් එන්න ගනීවී. මං කම්මැලිකම යන්න අලුත් වෙබ් පිටුවක් ඕපන් කරලා, ඩිඇක්ටිවේට් කරපු ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇක්ටිව් කර ගත්තා.


පුරුද්දට එෆ්බී සර්ච් බාර් එකේ වලාකුලු කියලා ටයිප් කලා.ඇත්තටම මං හිතලා එහෙම ටයිප් කලේ නැහැ. ඒක ඉබේම වගේ පුරුද්දට ටයිප් වෙලා තිබුනා. වලාකුලු අලුත් ප්‍රොෆයිල් පින්තූරයක් දාලා. එකේ හිටියේ ලා අහස් නිල් ඇඳුමක් ඇඳන් ඒ හිනාව මවාගෙන, ඔලුව යන්තම් වම් පැත්තට බර කරන්, ටොප් එකේ පොකට් දෙකට අත් දෙක ඔබාගෙන. මහ දඟ පෙනුමකින්, වලාකුලුගේ ප්‍රොෆයිල් එක ඕපන් කරගෙන මං වෝල් එක දිගේ පහලට ගියා. සිංහල කවි එක්ක ඉංග්‍රීසි කවිත් ලියලා. ඉස්සර නම් ලිව්වේ සිංහලම විතරයි, මට තේරුම් ගන්න බැහැ කිසි දෙයක්..


එයා හිම ගැන කවි වගයක් ලියලා තිබුනා. ඒ කවි එක්ක හිම ගොඩේ ඉන්න එයාව මට දැක ගන්න පුලුවන් වුන. .


" හිම පියලි, වලාකුලු අතහරින
ආදරණීය පෙම්වතියක්...
උණුසුම ඉතිරිකර සීතලම උරන්
මිහිකතට වඩින....


මම වලාකුලු බව සැබැවි.
නමුත් නුඹ පොළව නොවේමයි.
සසල සිතැති නුඹ 
එසේ නම් ජපන් පොළවක්..


වසරකට භූමි කම්පා 
සියයකටත් වඩා ඇති කරන
ජපන් පොළවක්,
එසේ නැත්තම් අහසක්ද.. "



ඇත්තටම මෙහෙ ඉන්නවට වඩා වලාකුලු ලස්සන වෙලා තිබුනා. සුදු වෙලා, මහත් වෙලා. හුරුබුහුටි දඟ පෙනුමක් ඇවිත්. එයා අප්ලෝඩ් කරපු ෆොටෝස් බලන්න ගත්තා. සුද්දො එක්ක , සුද්දියො එක්ක ඉන්න ෆොටෝස් තිබ්බා. තව ලංකාවේ පෙනුමක් තියන කොල්ලෙකුත් ඒ අස්සේ හිටියා.. මාව එක පාර ගිනි උඳුනකට වැටුනේ ඒ අස්සේ.. මං ඉක්මන්ට ෆොටො එකේ ටැග් වෙච්ච අය බැලුවා. අයුෂ් මෙහෙතා.. එහෙනම්, ඉන්දියන්කාරයෙක්.. මට ඉරිසියාවක් ආවේ ඒ යකා වලාකුලුව බදාගෙන හිටපු විදියට. ඒක ෆොටො එකට ෆෝකස්වෙන්න හිටපු විදිය වුනාට මට තරහා ගියා.


මං නිකමට මැසේජ් බොක්ස් එක ඔන් කලේ වලාකුලු අන්තිමට අවේලබල් ඉඳලා තියෙන්නේ කීයටද බලන්න.


ටූ මිනිට්ස් අගෝ...


වලාකුලු දැනටමත් ඔන්ලයින්.


විදුලියක් කොටට එක පාර නුවර අහසක් මැවුනේ, නොකියම චුරු චුරුවක් ඇරඹුණා. මට දැනුනා මගේ වටේ සමනල්ලු පියාඹනවා. කුරුලු ජෝඩු කිචි බිචි ගානව, පියාපතකින් තමන්ගෙ පෙම්වතියව වසාගෙන, කුරුලු හොට පෙම්වතියගේ කුරුලු හොට මත තියාගෙන කුරුලු ජෝඩු ආදරය කරනව, හැමතැනම ඇහැල මල් වැටෙනවා......


" වලා,,,,"


ඒක ඩිලිවර් උනා...


මං එක ටයිප් කලා නෙවෙයි.මං එහෙම කරලා තිබුනා ඒ වෙනකොටත්... මං බලන් හිටියේ ඒක සීන් වෙනකම්.


තත්පර දෙක තුනක් ගත වුනා. ඒක මට දැනුනේ කල්පයක් වගේ.. විනාඩි දෙකක් බලන් හිටියා., සීන් වුනේ නැහැ. මං ෆේස් බුක් පිටුව මිනිමයිස් කරලා ඔෆිස් එකේ මේන් ඔපරේටින් වෙබ් පිටුවට ගියා,  ඒකේ මොනිටරින් වැටිල තිබ්බා. කිසිම ෆෝල්ට් එකක මැසේජ් එකක් ඇවිත් තිබ්බෙත් නැහැ.



ආයේ විනාඩි පහකින් විතර ආයේ ෆේස්බුක් ගිහින් මැසේජ් එක සීන්ද බැලුවා. සීන් වෙලා තිබුනා. ඒත් රිප්ලයි එකක් තිබ්බේ නෑ. ඒ වගේම වලාකුලු මාව බ්ලොක් කරලා කියලා පෙන්නුවා.


ඒක හරියට මං වලාකුලුට ඉස්සර කලා වගේ.
වැඩ කරන ගැහැණු කෙනා නෙස්කැෆේ එකක් ගෙනත් දුන්නා..ඒක බොන්නවත් පිරියක් තිබුනේ නැහැ.. මං ෆේස් බුක් පිටුවෙන් අයින් වෙලා ආයේ අහසේ වලාකුලු දිහා බලන්න ගත්තා.


7 comments:

  1. කතාවක්ද මේ ? එහෙම නැත්නම් ඇත්තටම ඔයාට හිතුන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. කතාවක්ද ,
      ඇත්තටම හිතුන දෙයක්ද............,
      අනේ මන්දා, දෙකම එක වගේ.. මං ඔහේ ලියන්න ගත්තම ලියැවෙන එක ලියලා දානවා. ඇත්ත කතාවක් දැනගෙන ලියුවක් නෙවෙයි....
      ඒත් බොරු කතාවකුත් නෙවෙයි.. එක අතකට මේක කාගෙ හරි ඇත්ත කතාවක්. නැත්තම් ඇත්ත කතා කිහිපයක එකතුවක්.

      Delete
  2. වලාකුළු......... මං කැමති නෑ මේ කතාව ගැන මුකුත්ම කියන්න අරු. මේ කතාව කියෙව්වම දැනෙන හැඟීම මට වචන නැතුවම විඳින්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. එතකොට මට කවුරුවත් හොඳ නරකකියලා නෑනේ..

      Delete
  3. එ් කතාව නම් ගොඩක් හිතට දැනුණා... ❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අශින්සලා පරණ කතා තියෙනවා, මීට වඩා හොඳ එව්වා..

      Delete
  4. I'm really inspired together with your writing skills and also with the structure in your weblog.

    Is that this a paid subject or did you modify it yourself?
    Anyway stay up the excellent quality writing, it's rare to look a great blog like this one
    nowadays.

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...