මැනිය හැකිමද..
ඔය ප්‍රේමය.,
ළතෙත් හිත හංගා
රුදුරුකම් කෙරෙන.

පැතුම් පොඩි මිරිකා
ඔහේ ගලන්න ඉඩ හරින..

මේකමද ප්‍රේමය.
සොඳුර...

නුඹ නොදනිතැයි නොසිතමි.
නමුදු නොසොයමි.

ප්‍රේමය නම්,
නොරිදවා 
නොහඬවා
නොසඟවා

පැවසීමය.
සනහස පිදීමය
තෙත හිතින් ස්පර්ශයමය..

ප්‍රති ප්‍රේමයක් නොමැතිව වුව
ප්‍රේමය දලු ලෑමය..
අවසානයේ අතහැරීමය..





Comments

  1. ලස්සනයි හැමදාම වගේ අරූ .

    ප්‍රේමය නම්,
    නොරිදවා
    නොහඬවා
    නොසඟවා

    පැවසීමය.

    හිතට දැනුන නිර්වචනයක් . පට්ට

    ReplyDelete

Post a Comment

Popular Posts