සතුට සොයන මඟ

ටික කාලෙකට පෙර මං හරියට හැමදේටම දුක් වන කෙනෙක්. හරියට මට කරදර ආවා.. ඒ ඒ කරදර වලට දුක් වෙන එක මටම කරදරයක් වෙන්න පටන් ගත්තා.

ටික කාලයකට පස්සේ මමම මගේ සිතුම් පැතුම් වෙනස් කරගත්තා.. ඇයි මං දුකින් ඉන්නේ.. මං මගෙන් ප්‍රශ්න කලා.. ඇයි මට සතුටින් ඉන්න බැරි.. මං හිතන්න ගත්තා..

අන්තිමට මට උත්තරය ලැබුණා..

දැන් මං සමාජය කියන දේ බලාපොරොත්තු වන දේ කරන් නැහැ. මං සතුටු වන දේ වගේම මට හොඳයි කියලා හිතෙන දේ මං කරන්නේ .ඒ වගේම මගේ ජීවිතය ගැන සහ මගේ ජීවිතයේ සිදුවන සිදුවීම් පිළිබඳ මං දුක් වෙන් නැහැ. මං  ඒ ඒ සිදුවීම් සහ මගේ ජීවිතය මං පිළි ගන්නවා. නමුත් ඒ පිළිබඳ විශාල පරිමාණයෙන් හිතන් නැහැ. ඒ වගේම කාටවත් කරදරයක් නොවෙන්න මං ජීවිතය ගෙනියන්න උත්සහ කරනවා.

ඔයාට සතුටින් ඉන්න ඕන නම් කරන්න ඕනා. ඔයා ගේ ජීවිතය වෙනම ජීවිතයක් කියලා හිතන එක. ඒක වෙන කිසිම ජීවිතයකට සමාන නැහැ.. ඒක ඇත්තටම අසමසමයි.ඒ  අසමසම ජීවිතයට අදාළව ගමනක් තියනවා. ඒක යන්න ඉඩ දෙන්න.. සමාජය කියන විදියට ඒක වෙනස් කරන්න හදන්න එපා. ඒත් බලාපොරොත්තු වලට වැඩ කරන්න. අත් හරින්න එපා.

ඔයාට කියලා ආදරය කරන පොඩි පිරිසක් ඉඳීවී. එයාලා ඔයාව් තේරුම් ගනීවී. ඒ නිසා ඒ අය එක්ක ඔයාගේ ජීවිතය සතුටින් ගෙවන්න. අනික් අදාළ නැති පුද්ගලයන් පිළිබඳ ඔවුන් සිතන ආකාරය ගැන වෙහෙස නොවන්න. ඒත් පුලුවන් විදියට හැමෝටම උදව් කරන්න.

ඔබේ සතුට ඔබට ලැබේවී.

#අරු


Comments

  1. ඔයා ලොකු ගෙයක් හැදුවොත් සමාජය කියාවි
    හැදුව පැත්ත හොද නෑ කියල
    ඔයා ලොකු වහනයක් ගත්තොත් සමාජය කියාවි
    අපරාදේ ඕක ගත්තේ අරක ගන්න තිබ්බනේ කියල
    ඔයා ලස්සන ඇදුමක් ඇන්දොත් සමාජය කියාවි
    හම්මෝ මෙයා දැන් අමුතු ඒවා අදින්නේ කියලා
    ඔයාට ඔයාටම හරියන පෙම්වතෙක් ලැබුනොත් සමාජය කියාවි
    අම්මෝ එයා කෙල්ලො කීදෙනෙක් එක්ක රවුම් ගැහුවද කියලා
    කොටින්ම ඔයා අඩියක් තිබ්බත් සමාජය කියාවි කියාවී
    දැන් ඇවිදින්නේ කැට් වෝක් වගේ කියල

    සමාජය ට ඕන දෙයක් කරගන්නේ කියල ඔය ඔයාට ඕනේ විදියට ඉන්න .
    සමාජය කියල එකක් නෑ කියල හිතන් .........

    ReplyDelete

Post a Comment

Popular Posts