පැතුම
සිත රිදිලා නෙත් කඳුලැලි පුරවන්නා.
හිස නොනිදා නුඹ ගැන සිහිනෙන් විඳිනා.
ප්‍රේමය තිබුණමුදු කන්දක තරම් පවා.
නුඹ හිමිකම ලියනුයේ නිරිඳුනි කවදා.
ඔබ අවුදින් යන ක්ෂණයෙන් සිත මිදුනා.
ඔබ කිව් වදන් වෙනසක් නැතුවෙත් නැතුවා.
එක එක වදන් ගෙන වෙනසත් තෝරන්නා.
රිදෙන සිතට තව ගල් කුළු කුමට සදා.
කෙලෙසක මෙ'කව අවහර වෙනවද සොඳුර.
කෙලෙසක සිදුවුණත් රැකදෙනු නුඹ සතුට.
මා මියැදුනත් කම්නැත නොවෙනම් පැතුම.
නුඹ යළි හිමිවෙන්න පතනෙමි එන මතු භවෙක.


එසේම වේවායි පතමි! :))
ReplyDeleteස්තූතියි කල්‍යාණ මිත්‍ර
Delete