එන්නත්කරණය හා ශ්‍රී ලංකාව


ශ්‍රී ලංකාවේ යක්ඛ පුතුන් ෆයිසර් හැර වෙනත් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළ රජය විසින් සලකා බැලිය යුතු නීති කිහිපයක් ඇත.

කාගේ හෝ වරදින් සංවර්ධනය වෙමින් පවතින රට වී ඇති තත්ත්වය මත ආණ්ඩුව විසින් සමහර රටවලට සාපේක්ෂව එන්නත්කරණයේ හා ගෙන්වීමේ සාර්ථකත්වයට පත් වීම අගය කළ යුතුය. ඔබට ෆයිසර් හෝ මොඩනා එන්නත් පමණක් අවැසි නම් ඔබ විසින් එය එන තුරු බලා සිටියාට වරදක් නැත.

නමුත් මෙසේ එන්නත් ප්‍රතික්ෂේප කරන රෝගීන් කොවිඩ් ආසාදනය වී රෝහල් ගත වීමට සිදුවුණු නම් ඒ සියලු පිරිවැය රෝගියා දැරීය යුතු බවට රජය විසින් තීරණය කළ යුතුය යන්න හා 2020 මුල් භාගයේ සිට නොකඩවා වෙහෙස මහන්සී වී වැඩ කරන සෞඛ්‍ය සේවකයාට සරිලන දීමනාවක්ද මේ ආත්මාර්ථකාමී රෝගීන්ගෙන් අය කරගැනීම අවශ්‍යය යන්න ප්‍රතිපත්ති සකස් කළ යුතුය.

සාමන්‍යයෙන් නිදහස් සෞඛ්‍යයක් හිමි මෙරටට සාමාන්‍ය වාට්ටුවක රෝගියකු ඇතුල් කල හොත් යන වියදමට වඩා විශාල පිරිවැයක් ICU ගත කළ රෝගියකු වෙනුවෙන් දැරිය යුතුය. එය ආසන්නයෙන් දිනකට ලක්ෂ දෙකක් පමණවත් වනු ඇත. කොවිඩ් රෝගියෙකු දින 10ක් දැඩි සත්කාර ඒකකයක ගත කරන්නේ නම් අවම වියදන මිලියන 2ක්වත් වනු ඇත.

එන්නත්කරණය සිදු කිරීමේ අවශ්‍යතාව වන්නේ රෝගය වළක්වා ගැනීම මෙන්ම රෝගය දරුණු නොවී සාමාන්‍ය තත්ත්වයක පවත්වා ගැනීමයි. එන්නත් නොගැනීමෙන් කොවිඩ් ආසාදනය වූ රෝගියකු දැඩි සත්කාර ඒකකන්ට ඇතුළත් කිරීමේ ප්‍රවණතාව ඉහළය.

කාගේ වරදින් හෝ ආර්ථික අර්බුද තත්ත්වයක පවතින මේ කාලය තුළ, වසංගතයෙන්ද තව තවත් දරුණුවට පත් වීමට ඉඩ තැබීම මිනිසුන් වශයෙන් කළ යුතුද යන්න ඔබ ඔබගෙන්ම විමසා බලන්න. ඔබ දේශපාලඥයින්ට බනිමින් ඔබ සිදු කරන්නේද පහත් ක්‍රියාවක්‍ ය යන්න පැවසීම සත්‍ය වනු ඇත.


එසේම එන්නත් ලබා නොගැනී යනුද එන්නත් මිලදී ගැනීමට වැය වූ පිරිවැය අපතේ හැරීමක් වීම මිනිසුන් ලෙස ඔබ සලකා බැලිය යුතු කරුණකි. ශ්‍රී ලංකාවට පමණක් සිනෝෆාම් ලබා දීමක් සිදු නොවන අතර එය තවත් බොහෝ රටවල ජනතාවට ලබා දෙන බවද නුවණැති ඔබ එන්නත් ලබා නොගන්නේ නම් තව දුරටත් සිතිය යුතුය.💪

Comments

  1. කොවිඩ් එක්ක ඉදිරියටත් ජීවත් වෙනකොට දිගින් දිගටම එන්නත් ගන්නත් සිද්ධ වේවි නේද?

    ReplyDelete
    Replies
    1. සමහර විට අවුරුදු 3ක් විතර යනකම් ගන්න වෙයි. ඉන් පස්සේ අලුත් වෙනම වසංගතය ක් ඒවිද දන්නෙත්නැහැ.

      Delete

Post a Comment

Popular Posts