පැන යමි වැදි රජු සමඟ
කවිය තනිකොට සඳ ගිහිපු දුර
අඳුර ඇවිදින් දරන අබිසෙස
නොඑන ගමනක නොගිහිනුත් ඔබ
අදත් ඒවියි හිරිවැටෙයි ඇඟිලි තුඩ
සඳත් රැස් වස්සවා හනිකට
මිදුලේ මල් පෙති දනගසා තෙමිමින.
ඔබත් නැති මේ පාළු සීතලම
වැතිර ඉමි සීතල සඳ පින්නේ තෙමිමින.
අඳුර අරක්ගත් පාලුවට තනිකමට,
ඔබත් නෑවිත් ඉන්න කොට රිදව රිදවා දෛවය.
තනිකම රසය පුරුදු පුහුණු කරමින් ගෙවන යම
අවහරව නුඹ යළිත් ඇදෙන එක කොයිතරම් රිදුමක්ද, සතුට දලු දැම්මට.
එකම එක පොරොන්දුවක, නුඹ මවන මදහස
සඳ කින්නරාවක් නොවේ මම හී හිසත් නොදුන්න,
කුමර නුඹ නොමැති මේ යම,
වැදි රජු සමඟ පැන යමි හෙට දිනෙක.
නුඹ නෑවිත් ඉනු මැනව මඟුල් පෙරහැරට.
Comments
Post a Comment