අවුරුදු කෑම කුමරන් හා කුමරියන්



" දන්නවද එයාලා කැවුම්ලු.."

"කැවුම්....? ඒ මොනාද.?

"ඉස්සර නම් කැවුම් නැති අවුරුදු කෑම මේසයක් තිබුනේ නැහැ."

හැට පැනපු කොකිස් අච්චුව කේක් කෙල්ලගෙයි කොකිස්ගෙයි කතාව මැදට පැනලා කියුවා. එහෙම කියනකොට, කහපාට ලස්සන නාඹර කොකිස් කොල්ලා මහ හයියෙන් හිනා උනා.
ඒ හිනාවට උදව්වට කේක් කෙල්ලත් ආවා..

"ඒ කලු පාට කැවුම්... කිසිම ලස්සනක් නැහැ. කලුනේ."
කේක් කෙල්ල එහෙම කියුවා.

"ලස්සන..!!! හඃ හඃ... ඔයාලා කැවුම් වල අගේ දන් නෑ..." නාකි කොකිස් අච්චුව ආයේ කියෙව්වා.

" පේනවා පේනවා. කලුම කලු කැත, විසාල බඩක් තියෙන කෙල්ලෙක්නේ."  එහෙම කියුවේ කේක් කෙල්ල උපහාසෙන්.

" ඒවා හදන්න බැහැ හැමෝටම. හරිම රසයිලු ඒවා.." කිරි ටොෆි කුමාරයත් පොඩ්ඩක් කට දැම්මා.

"බලන්නකො තියන ආඩම්බරකම. මේ මේසේ එයාගේ රජ දහන වගේ. එයාව සුපර් මාකර්ට් එකෙන්ලු ගෙනත් තියෙන්නේ.. අපි වගේ ගෙදරම උනා නම් කොහොමද.." එහෙම කියලා කේක් කෙල්ල ඇද කලා...

ඒ එක්කම මේසෙට වැඩියේ සුදුම සුදු, රතුපාටින් ලස්සන කරන් ඉන්න ආස්මි කෙල්ල. මේසෙට වැඩිය ගමන් ඒකී ගියේ කැවුම් කෙල්ල ළඟට...
"ඔයාට මතකද, අපි දෙන්නම ඉපදුනේ එක තැනක..."
"ම්හ්... මට මතක නැහැ.. ඔයා කව්ද.?"
"මං ආස්මි..."
"මම කැවුම්."
________________________________________

හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා..

අලුත් අවුරුද්දත් ආවා, ගියා වගෙයි. මේ දවස් වල අරුට කිසිම දෙයක් ලියන්නවත් හිතෙන්නෙ නැති සංක්‍රාන්ති කාලයක් යන්නේ... අඩුම තරමේ හිතෙන දේ කොටා ගන්නවත් හිතෙන් නෑනේ.. ලියපු කතා බාගෙට නැවතිලා.. ඉතින් ඔන්න ඔහේ ගිය පාර අවුරුද්දට ලිව්ව අවුරුදු මේසේ නාඩගම් කතාවක් පෝස්ට් කලා...

Comments

  1. හිත දේවා ලියන්නට අලුතින් ආයේ
    අවුරුදු මේසයේ නව රස රැඳී තියේ

    ReplyDelete
    Replies
    1. හා හා... ලියමු ලියමු ආයේ..

      Delete
  2. //හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා.//.

    වෛද්‍ය ක්ශෙත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට මේ සුභ පැතුම හරිද? කිරි එහෙම වැඩි වුනොත් කොලෙස්ටරෝල් සහ පැණි සීනී වැඩි වුනොත් ඩයබීටිස් හැදෙනවා නේද ?

    ඔබටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුභ අලුත් අවුරුද්දක් ඉයන් මාමා. නිදුක් නීරෝගි වාසනාවන්ත වසරක්.. සතුටින් ඉන්න පුළුවන් නම් ලෙඩ අමතක කරන්න පුළුවන්.. පරිස්සම තමා වැදගත් 🤓😍

      Delete

Post a Comment

Popular Posts