ආත්මාර්ථ
උදුරා මී වෘක්ෂයන්,
අතෑරියා, ලෙඩ් ඇතුලු බැර ලෝහ,
හා ආසනික් වැනි රසායන විශ
පැල කර දිගින් දිගට,
මහ අස්වනු ලබනට
උඹ මට කන්න දුන්නට
උඹට පැල කරන් විශ නැති කාබනික පැල,
උඹටම නොවෙද
ගලවා දමන්න වුණෙ වකුගඩුව...
නමුත් වරද,, නුඹගෙමද
අසයි,
මසිත....
වරද විස පුහුණු කළ
දේශපාලුවන්ගේ නොවෙද.
අලුත් අදහසක්. අපූරුයි අරූ. කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවෙ.
ReplyDeleteජයවේවා !!!
(දුමී)
ස්තූතියි.. 💜️
Delete