අරගල
දුවන් එනකොට දුම් රිය.
ඇඟේ වැදුනා දුවන්නෙක්.
සාරියෙත් පැටලිලා..
ඔහු නැගගෙන පා පූරුවේ
ඇදී යනවා දුටිමි.
මිනිස්සු පොදියක් මා නොසලකා ඉදිරියට
ලේ රස තොල මතින් ලේන්සුව තියන්
මං හෙමින් ගොඩ වුණා දෙවනි පෙට්ටියට.
මරදානෙන්ම ඒක පිරිලා.
කකුලත් අද්ද අද්ද මං ගියේ දුම්‍රියේ මැදට.
ඒ වෙනකොටත් මිනිස්සු නිදි.
ගැහැණු දෙන්නෙක් විතරයි
වාඩිවෙලා මුළු පෙට්ටියටම.
ගාල්ලෙන් බහිනකොට අටත් පහු වෙලා.
තාත්තා ඇවිත් හිටියේ ස්ටේෂමට.
ඒ වෙනකොටත් වජිර නිදි..
මං නාගෙන එනකොට බඩගින්නේ පොඩි එවුන්
බත් තම්බලා පොල්සම්බලක් හැදුවේ විනාඩි විස්සට.
යන්තමින් පොද වැස්සේ චුරුචුරුව.
වජිරත් ගොරවනවා සැපටම.
වහී කියලා බයටම මං ඇස් පියාගත්තේ තදින්ම.
ජීවන අරගලය ගැන ලස්සනට ලියලා. 👌💔
ReplyDeleteස්තූතියි...
Deleteවජිරගෙ ආච්චි ට....
ReplyDeleteහපොයි
Deleteජීවන අරගලය ගැන දහසක් වචන වලින්වත් කියන්න බැරි තරම් අපූරුවට කියවෙනවා.හරිම ලස්සනයි.
ReplyDeleteස්තූතියි. 💛💛
Deleteගාල්ලෙ අයට ගාල්ලේ රස්සා දියව්!!
ReplyDeleteඅපොයි
Delete