කාල ප්‍රේමය

මේ කාල චක්කරෙන්
එකම එක තත්පරෙන් දශමෙකට
නුඹව දුටුවා අයේ ..
මගේ හිත ආයේ ආයේම පියැඹුවා

නුඹ ඔහොම කිව්වාට
ප්‍රේමයෙන් කියා
නෙත් දරනු කිසි ලෙසක
නුඹ අනෙකෙක් විණා.

ඇය නුඹ සපතගෙන
මාව හමු නොවුණාට
හිතේ ඇති කප්පරක්
ප්‍රේමයම මට ඇතිය.

රහසකින් නෙත් කතා 
අයේ මට මැවෙනවා 
නුඹ මාව සිපනොගෙන
මාව මත් කරනවා.
මම ඉතින් නුඹේ වෙලා
ගැබ්බරක් දරනවා.

සංසාරේ කතා ඇති.
පන්සියම පනහක්ම නොවුණාට
නුඹ මගේ , මම නුඹේ 
වෙලා හුන් භව හුඟක්.
ඒකමයි දැනෙනු මට.
ඔබේ හැම හුස්මක් පවා 


Comments

Popular Posts