හීන මැදි කරන් ලං වෙලා ගුල්ලි වෙච්ච
ආදරය පොදි බැදන් හිනැහිලා අපි එක්ක
ඒ මතක මීදුමේ ගුලි වෙලා තනි වෙන්න
තවම ආසයි මමත් නුඹ නැතිව නුඹ එක්ක
කාලයේ ඇවෑමෙන් නුඹ ගිහිපු දුර එක්ක
මට එන්න බෑ කිසිත් ඒ දුරම නුඹෙ වෙන්න
ඒත් මට තනි නැතී, මතක හිත ඇහැරිච්ච
කවි කතන්දර ඇතී නුඹේ ගැන ලියැවිච්ච.
Comments
Post a Comment