තරුණ වැන්දඹුවගේ අඳෝනාව.




අනගි පොල් වුව ළපටි කාලෙක,
කැකුලු මල් ලෙස හැලී වැටුනය
වපුල බීජය ඉපල් වූවම
හිරුත් ගිනි කර සෙමර සැලුවය.

අගුණ කොල වුව, සිනා සැලුවය,
කැකුණ ගෙඩි එක දෙක වැටූනෙය.
වැකෙන කට කයි වාරු එක දෙක,.
කැකුලු හිතනම් එමට තැලුවය.

මයුර වැස්සේ පෑව මනමල්
හැගුම් අස්සේ සියල් එලිවෙද්
සෙබඩ අවලස්සනම වූවත්
නොබිඳුනේ ඇගෙය හිරි ඔතප්.

අවුරුද්දේ එක දිනෙකදී දරුණුවන,
හදවතේ කැක්කුමක රහසක්
කිසිකෙනෙක් නොදත් මූලයම
වැලලුනම විරහවක දුක්මුලක්.

කාස්ටකයට වැටුන දිය පොද
උරා ගත්තට හරි සීරුවට
ඉරිතැලෙන්නේ, හදගැබේ තල,
මෙදුක් සඟවා සදාකාලික.


4 comments:

  1. තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. ඒත් හරියටම තේරුණාද කියලා විශ්වාස නෑ. ඒත් අරුගේ කවියෙ දළ අදහස වැටහුණා . කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවෙ. ජයවේවා අරු.

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...