අලුත් වෑන් අංකල්





අයියා ජීවිකාව ගෙන ගියේ පාසල් සේවා වෑන් රියක් පවත්වාගෙන යාමෙනි. ඒ වෑන් රථය පාසල් නිවාඩු කාලෙයේදී අපේ පරිභෝජනය සඳහා සැදි පැහැදී ඉන්න නිසාම අයියා ඉල්ලු උදව්ව මට පැහැර හැරීම කල නොහැකි විය. ඒ අක්කා හදිසියේ අසනීප වූ නිසා පාසල් වල ළමුන් පාසල් අවසන් වූ පසු රැගෙන ඒමටය.


එහි එකම පහසුව වූයේ එකම පාසලේ ළමුන් පමණක් වෑන් රියේ ගමන් ගැනීමය.


පාසල ඉදිරිපිට නැවැත්වූ වෑන් රථයට දුවගෙන ආවේ තඩි කොල්ලෙකි. ඔහු ඉදිරිපස දොර හැරගෙන ඉතාම කලබලෙන් වෑන් රථයට ගොඩ වූ අතර මා දුටු වහාම පුදුම විය..


" හෙලෝ නිව් වෑන් අන්කල්.. අයෑම් පසන්.."


අන්කල්... මේ පොඩි එකාගේ බොක්ක තලන්නට සිත් විණි. අන්කල් වුනේ කොහොමද කියා අසන්න සිත් වුණිද, අවුරුදු තිහක් වන නිසා ඒ තරම් දරුවෙක් අන්කල් කීම පුදුමයක් නොවන බව මට මතක් විය.


"හේයි හේයි, කම් කම්... ටු ඩේ වී හැව් නිව් වෑන් අන්කල්..." 


හැම කොල්ලො කුරෙට්ටෙක්ම එකතු කරගත් ඒ කොලු ගැටයා.. මට සියල්ල පහසු කලේය.


" නව් එවුරිබොඩි ඉස් හියර්. ලෙට්ස් ගෝ අන්කල්. අයි විල් ටෙල් ද රෝඩ්.."


"ලෙට්ස් ගෝ පොඩ්ඩෝ එහෙනම්.." කියමින් මාත් වෑන් රිය ස්ටර්ට් කලෙමි.


"හේයි බඩා. දිස් ඉස් අවර් නිව් වෑන් අන්කල්.." 


මහ හයියෙන් වාහනය යන අතර, පාරේ සිටින ළමුන්ට මේ දඟ කොල්ලා, මාව හඳුන්වා දෙයි.
ටික දුරක් ගිය පසු, 


" නවු රයිට්..." පොඩ්ඩා කෑ ගසයි..


මා දකුණට සිග්නල් දමා දකුණට හරවන විටම, " හෝව්ව්.. හෝව්ව් අන්කල්.. අදර් සයිඩ්..." එක පාර පිටිපස ළමෝ සියල්ල මහ හයියෙන් බෙරිහන් දුනි.  නැවත එසේමය, ඉදිරියේ පොඩ්ඩා ලෙෆ්ට් කිවහොත්, පිටි පස රොත්ත අනික් පැත්තට ... අනික් පැත්තට යන්න මහ හයියෙන් බෙරිහන් දෙයි.


ඉදිරියේ ජබ්බ කොල්ලා, වම දකුණ මාරු කරගෙන සියල්ල කණ පිට හවමින් සිටි.


මටත් පිස්සු විකාර සේය.. ටික දුරක් ගිය පසු ඉදිරියේ කෙල්ලෙක් උන්නාය. මට දැක පුරුදු මුහුණකි. වෑන් රථය ඇය අසලට ලංවත්ම මට ඇය කවුදැයි මතක් විය.


"හෝව් හෝව් අන්කල්, අයිම් ගෙටින් අයුට් ඔෆ් හියර්"


යැයි ඉදිරියේ සිටි ජබ්බ කොල්ලා කෑ ගැසීය... ජරාස් ගා බ්‍රේක් එක වැදුනෙ පාරා අයිනේ සිටි කෙල්ල අසලය.


ඒ කෙල්ල මගේ පාසල් අවදියේ මතක ඇවිස්සුවේ මා අසරණ කරමිනි. ඕලෙවල් කරන කාලේ මා කට්ට කාගෙන පස්සෙන් ගිය කෙල්ල ඇයය. ඇය කාලෙකට දැක්කේ හුඟ කාලෙකිනි. තරබාරු වූ ඇය තවත් හැඩ වී උන්නාය.


"අම්මී.. දිස් ඉස් අවර් නිව් වෑන් අන්කල්..."

Comments

  1. Replies
    1. ස්තූතියි ඉයන් මාමේ

      Delete
  2. ලස්සන පුංචි කතාවක්! දිනමිණේ වසත් සුළඟට යවන්න අරු- ඒගොල්ලෝ කෙටිම කෙටි කතා හොය හොයා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔත්තුවට.. ඒත් ඒකට ගැලපෙන කතාවක් නෙවෙයි නේද මේක. නිකම් ජොලි කතාවක් වගෙයි මේක ලියුවේ...

      Delete
    2. යවලා බලන්නකෝ.. ඒගොල්ලෝ හොඳයි නම් දායිනේ :) වචන 600 යි ලිමිට් එක

      Delete
    3. හරි මලී අක්කා .. ස්තූතියි

      Delete
  3. අපොයි අලුත් වෑන් අංකල්ට වෙච්චි දේ........

    ReplyDelete
    Replies
    1. හී හී ඒකනේ අයියේ... බලන්නකෝ...

      Delete
  4. Replies
    1. මේ පැත්තට ගොඩ වෙලා වැටක් ගැහුවට ස්තූතියි 🙏

      Delete
    2. ඒකනෙ... මොනවා කරන්නද ඉතින්

      Delete
  5. රහයි අරු,
    පොඩි එකා රෙද්ද නැතිම කොරලා නොවැ :-)

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස්... පොඩි එක මරු නේ... මේ පැත්තට ආවට ස්තූතියි

      Delete
  6. මදැයි අලුත් වෑන් අන්කල්ට වෙච්ච හරියක් . මොනවා කරන්නද ඔහොම දේවලුත් වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ... බලන්නකෝ වෙච්චි දේ...

      Delete
  7. ඔන්න කාලෙකට පස්සෙ අරූ ලස්සනම ලස්සන කෙටිකතාවක් ලියල. නියමයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තරිඳු....

      Delete

Post a Comment

Popular Posts