මොහොමඩ් නුඹට

නුඹ නොදනවත් මොහොමඩ්
ෆාතිමා හොරෙන් බැලුවා..
මුසල්මානුවන් නොවන වුන් වුව
ඈට පෙම් හසුන් යැව්වා..
ඒවා නෙත් වලින් ඈත් වින්දා...
කට්ට කරුවල ලෝගුවක් හැද
ඈව නුඹ තනියමත් නොයවා
අන්තවාදික දහම නාමෙන්
ගෑණු බොරුවට රහසේ තිබ්බ.
ඒත් නුඹ රට බඩුත් සෙව්වා..
රෑට නුඹ ඇගෙ සියල් රිදවා
බිමට යන්නට පහර දුන්නා
සුපිරි මෙට්ටයේ පහස විඳ විඳ
නුඹ තනිව ඒ ඇඳේ උන්නා
ඈ බිමට වී කඳුලු සැලුවා..

Comments

  1. බොහෝ ෆාතිමාලගේ කතාව

    ReplyDelete
  2. මා හිතන විදියට මේක හුදෙක් ෆාතිමාලට පමනක්ම පොදු කාරණාවක් නොවේ.

    ඔබ නොසිතුවාට මෙය මීට වඩා තීව්‍ර වෙන්නේ තහනම් සබඳතා වලදී. (මෙහිදී .මම වඩාත් පරිස්සම් වෙනවා "තහනම් ආදරය" කියන වචන පෙල නො යොදවන්න!) මෙවන් සබඳතා වලදී බොහෝ විට ගැහැනිය සිතුවත් එය "තහනම් ආදරයක්" කියා බොහෝ පිරිමින් හට එය තහනම් සබඳතාවයක් විනා තහනම් ආදරයක් නොවන්නේය.

    එක් වරක් දෙවරක් රස වින්ද පසු ඇය තවත් එක හපා ඉවත ලූ උක් හපයක් පමණ බව ගැහැණිය මොහොතකට හෝ සිතන්නේ නෑ.

    ඒ අතීතය තවත් ටික කලකින් අරක්කු බෝතලයක් හිස් කරණ තැනෙක එක් ප්‍රවාදයකට; තම වීරත්වය දක්වන පුරාවෘථයක් පමණක් වෙනවා.

    ගැහැණිය ලිස්ට් එකේ තවත් එක අංකයක් පමණයි!

    නමුත් පවතින තත්වය යටතේ, මේ වාතාවරණය තුල ඉඳන් මෙය කියවන කොට එහි දුක්ඛ දායක මිහිරියාවක් හිතට කාන්දු වෙන එක නවත්වන්න බෑ.

    කොහොමත් ඔවුන් වඩාත් ලෙන්ගතු හා වැඩි මූලිකත්වයක් දෙන්නේ තම ජාතියට මිසක පුද්ගල ප්‍රේමයට නොවන බව පෙනෙනවා. මට හමුවෙලා තියෙනවා සමහර පිරිමින්; පළමු දරු ප්‍රසූතියේදී තම බිරිඳ විඳි දුක නිසාම තවත් දරුවෙකු නොපතන!

    මෙතනදී බොහෝ මොහමඩ්ලා ඉන්නේ ඊට බොහෝ පහලින්.

    ReplyDelete
  3. මා හිතන විදියට මේක හුදෙක් ෆාතිමාලට පමනක්ම පොදු කාරණාවක් නොවේ.

    Replies
    1. ඔබතුමාගේ විචාරයට තුති... නමුත් මගේ කවියේ මං හිතපු අරුත නම් ඔබතුමා ලියපු විචාරෙට වඩා වෙනස්... කොහොම නමුත් ස්තුතියි ...

      Delete

Post a Comment

Popular Posts