ඒ සියලු වරදවල් මම පවර ගනිමි.
ඒ සියලු වරදවල් මම පවර ගනිමි.
සිනාසුන තැන් වල
විසිරු වූ කඳුලු ඇට
මා විසින් වගා කොට
වතුර දමා සත්කාර කල බැව්,
ඔබ කරන චෝදනා
නොසඟවා හර කරමි...
මම මගේ ගිණුමට...
ඔබට යන්න ඉඩ හරිමි..
ඈත දුර ලෝකයට..
මමත් මගේ සුවඳවත්
නොහමනා ලෝකයට...
නමුත් තවමත් ශේෂ වූ ප්‍රේමය.
කැබලි නොකර රුවාගමි..
හදවතේ පත්ලට...
යලි හමුවෙනා දිනෙක
පෙන්වමි..
ඒ අරුම ප්‍රේමයම හොවා හදවතින්...
රිදුම් දෙන තැන් සමඟ...
අම්මෝ .... මේක කියෙව්වාම මට වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතුණා ...... ඒත් එක්කෝ ඕනේ නෑ ...
ReplyDeleteහරිම ලස්සණයි හැමදාම වගේ .
ලියන්නකෝ අප්ෆා... අපිටත් කියවන්න ඕනා ඒ වගේ ඒවා..
Deleteලස්සනයි 💜️
ReplyDelete💜️💜️💜️💜️
Delete