ඉර්ෆාන්...



ඉර්ෆාන්   ඉතින්..
මං බුර්කාව නොඅඳින
දුහුල් ඇඳුමට ප්‍රිය,
කතෝලික කෙල්ලක්මි.
මට නෙත් හසුන් එව්වට...

අපි අසල්වැසියන් බව ඇත්ත..
ඒත් ප්‍රේම කරනු කෙලෙස..
ඔබ මගේ මූලික හිමිකම් 
හොරකම් කරන්නම 
මග බලන බව පමණක්ම දනිමි..

ඔබේ ඔය නෙත් හසුන් වල ප්‍රේමය කෙලෙස නමුදු...
ඔබගේ වෛවාහක බිරිඳ වූ කල
රාත්‍රිය බිහිසුනු වෙනු ඇත.
හඬමින් සීතල පොලවෙහි 
නිදන්නට වෙනු ඇත..

මේ දුහුල් සුව ඇඳුම් පසෙකලා
ලෝගු පොරවන්නට වනු ඇත.
ඔබ දෙවියන්ගේ තිලිණ ලෙස පවසමින්
පෝලිම් විලස දරුවන් මවනු ඇත...

මේ තරුණ කය මැදි වියේදිම
මහලු කරනු ඇත..
තහනම් වැට කඩොල් බැඳෙනු ඇත..

අවසානයේ මූලික හිමිකම් සියල්ල මගෙන් උදුරනු ඇත..

ප්‍රේමය නම් ස්වර්ගයක් නොව
අපායක්ම වනු ඇත...

*************************************

පසු සටහන:
තමන් අදහන ආගම යනු උපතින් තමන්ට උරුම වෙන දෙයක් නොව තමාගේ කැමැත්තෙන් අදහන්නක් විය යුතුය.  ඒ  සඳහා ආර්ථික භෞතික ලාභ ප්‍රයෝජන නොමැතිව හා බල කිරීමකින් තොරව ආගමක් ඉගැනීමේ ප්‍රවේශයක් ලොව තිබිම වැදගත් වනු ඇත.. නමුත් ආගමක හරය බුද්ධියෙන් විමසා වැරදි අතුරෙන් නිවැරදි දේ තේරීමට බුද්ධිමත් වීම පුරවැසියකුගේ අවශ්‍යතාවකි..





Comments

  1. අරුත් බර පද පෙළක් ලස්සනට ගෙත්තම් කරලා ඇදපු ලස්සනම ලස්සන කවි සිත්තමක් .

    නියමයි .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැමදාමත් වගේ

      Delete
  2. පසු සටහන හොඳයි 💜️

    ReplyDelete

Post a Comment

Popular Posts