කුරුලු දඩයම-01

කුරුලු දඩයම 01

විෂ්මාර් මුකලානෙක හරියටම මධ්‍ය ලක්ෂ්‍යක විසල්ව වැඩුන මහ තරුණ නුග ගහක හිමිකරීත්වය හිමිව එහි උන්න තරුණ විහඟෙක්, දුර්ශාන්..

ඒ මහ විසාල මුකලානෙම කෙළිදෙලෙන් ජීවිතය ගත කරන තරුණ කෙල්ලන් සංගමයක නායිකාව කිශෝලි..

කිශෝලිගේ සංගමය කියන්නේ ඉතින් තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම.. ඒ කණ්ඩායමේ උන්න හැමෝගෙම බලාපොරොත්තුව වුනේ විෂ්මාර් මුකලානේ ලෝකයේ විශාලතම වන ලැහැබ බවට පත් කිරීම. ඒක ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නැහැ. මොකද මිනිස් සත්වයා විෂ්මාර් වන ලැහැබේ දකුණු කොටසින් විනාශ කරමින් තිබුණේ. කිශෝලි හිටියේ වන ලැහැබේ උතුරු කොටසේ. කිශෝලිගේ සහචර රංචුව කියන්නේ, දවසකට පැල දහයකට උප්පතිය දීම එයාලගේ කාර්‍යය කියලා. ඉතින් අරුණෝදේ අවදි වුන වෙලාවේ පටන් කරන්නේ වන ලැහැබේ රූස්ස වෘක්ෂ වල බීජ එකතු කරන එක. ඒක කාලයක් කලාම ඔවුන් යනවා ඒවා පැල කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න.

එහෙම ව්‍යාපෘතියක් කරන්න යන දවසක මේ තුරුපත් රැක ගැනීමේ දු කුමරියන් විඩා නිවන්න තෝර ගන්නේ දුර්ශාන්ගේ විසල් නුග ගස.

එදා ඇත්තටම දුර්ශාන් රාත්‍රී සාදයකට ගිහින් උන්නේ..

එදා සාදයේදී හැමෝම දුර්ශාන්‍ට අභියෝග කලා, ඊළඟ විවාහය දුර්ශාන්ගේ විය යුතු බවට.

"දුර්ශාන්.. ඊළඟ සාදය විශ්මාර් වල මධ්‍යයේ හරියටම..."

"ඒ කොහොමද සංධීර් ඒක වෙන්නේ...."

"ඊළඟ අවස්ථාව ඔබෙයි.." එක හඬින් හරිත පැහැ කුරුල්ලන් සැවොම හඬ නැගුවා.

ඇත්තටම දුර්ශාන් තමයි එතන කඩවසම්ම කුරුල්ලා. ඔහුගේ පමණයි අඩියකටත් වඩා පසුපස වරල දිගු වුණේ, අනෙක් හැමෝටම තිබුනේ කුඩා පියාපත් වරලක්.... දුර්ශාන්ගේ වරල හරිත කහ මිශ්‍ර වුන අලංකාර වර්ණයක්.. ඒ කඩවසම් බවට සමහර කිරිල්ලියන් වශීව උන්නේ.. සමහර කෝඩුකාරයෝ නම් ඒකට උන්නේ ඉරිසියාවෙන්. කොහොම උනත් දුර්ශාන් හරිම ආඩම්බර තේජසින් උන්න කුරුල්ලෙක්.. ඒ වගේම එතන උන්න හැමෝම පාහේ කිරිල්ලියක් සරණපාවාගෙන උන්නේ. ඊළඟ අවස්ථාව ඇත්තටම දුර්ශාන්ගේ

" මට තවම වුවමනා නැහැ. මේ තනි ජීවිතය සැපයි... "

දුර්ශාන් පැවසුවේ ආඩම්බරයෙන්... ඒත් තවම තම හදවත සසල කරවු කුරුලු කුමාරිකාවක් හමු නැති බව සිතමින් විශ්මාර් එක දිගට මීවිත, වීදුරු කිහිපයක්ම අවසන් කලා.

"මොකද දුර්ශාන් ඔබේ ජීවිතය.. තනි නිවහනක් එක්ක හොඳ නාඹර වයස... අඩුව එකම දේ සුන්දර කුමාරිකාවක්..."

"සිදු වෙන දේවල් අදාල විදියට සිදු වේවී..."

එසේ කියමින් දුර්ශාන් නිහඬ වුණා..
දුර්ශාන්ගේ නිවහනේ සිට හැතැක්ම තිහකට එහා තිබුණු, සදාහරිත කල්පයේ තමයි රාත්‍රී සාදය තිබුණේ.. ඒක සංවිධානය කර තිබුනේ දුර්ශාන්ගේ යහළුවෙක්.. ඒ තමාගේ විවාහය තිබුණ නිසා.
ඇත්තම කියනවා නම් දුර්ශාන් හොඳ කන බොන කුරුල්ලෙක්නේ... ඒ නිසා ඔහුට නිවහනට එන්න හැකි වුනේ නැහැ. ඔහුගේ තනියට සංධීර්, පවත්, අල්කේෂ් උන්නා.. ඔවුන්ටත් වැටුන වැටුන තැන නින්ද ගිහින් තිබුණේ.. ඒ සදාහරිත කල්පයේ මහ රූස්ස ගසක මුල.

ඊළඟ දවස උදා වුනා. දුර්ශාන්ගේ යහලුවන් සියල්ලම දුර්ශාන් විසල් නිවහන කරා ඇදෙන්න වුනේ කාලෙකින් හමුවීමක් නොමැති වූ බැවින්..
නිවහනට යන විටත්, එතැන ආගන්තුකයන්ගේ ආක්‍රමණය සිදු වී හමාරයි.

ලස්සන උදෑසන කිරිල්ලියන්ගේ ගී රාවයක් තමන්ගේ නිවහන දෙසින් ඇදෙන්නට වුයේ කෙසේද යන්න කල්පනා කරමින් දුර්ශාන් , සේම ඔහුගේ කණ්ඩායම වන ලැහැබේ මධ්‍ය ලක්ෂයට ඇතුල් වුණා. ලස්සන කිරිල්ලියන් ගී ගයමින් තමගේ පාදයේ බීජ පුරවා ගත් පැසවල් එල්ලගෙන උන්නේ. සමහරුන්ගේ කුරුලු හොටයෙන් ඒ බීජ සහිත පැස එල්ලිලා තිබුණේ
මේ කුමන කාර්‍යක්ද කියලා හිතමින්, නමුත් කිසිඳු අවසරයකින් තොරව තමන්ගේ ඉසව්වට පැමිණ කිරිල්ලියන්ට ගෝරනාඩු කරන්නට දුර්ශාන් ඉදිරියට ගියා..

"ඔබ කවුද, අනවසරයෙන් මගේ නවාතැනට පැමිණෙන්න..."

"ඔබගේ නවාතැන!!!... හහ්හහ් හහ්..."

හරිම උද්දච්ඡ ලීලාවෙන් හිනා හඬ නැගුවේ එතැන හුන් ලස්සනම කිරිල්ලිය..  ඒ තමයි කිශෝලී...

"ඔබ නොදන්නවා වුණාට මේ මගේ නවාතැන.. මෙතරම් පිරිසිඳුව, පිලිවෙලට තියන මේ නවාතැන ඔබ සිතුවාද, ඔබේ පාරම්පරික නවාතැන් පොලක් කියා..."

කිරිල්ලියගේ උද්ධච්ඡ සිනහවට කෝප වුන දුර්ශාන් ගෝරනාඩු කලා...

" ඔබ මෙහි සිටියේ නැහැ, අවසර ගන්න..."

"මම මෙහි නොසිටි නම් ඔබ සදාකල් මෙතැන? එසේද.."

දුර්ශාන් තම දිගු වරල සොලවමින් ගෝරනාඩු කලා. කිශෝලි කිරිල්ලියක් වුවත් දුර්ශාන්ට දිනන්නට අවස්ථාවක් දෙන්න සූදානම් වූණේ නැහැ.

"මේ ගස් වැල් වලට තනි හිමිකාරයෝ නැහැ. මේ හැම ගහක් වැලක්ම අපේ. "

කිශෝලි එහෙම කියනකොට දුර්ශාන්ට දෙන්න පිලිතුරක් තිබුනේ නැහැ. ඒ නිහඬතාවට පිලිතුරක් දෙන්න කිශෝලි නැවතත් කතාව ආරම්භ කළා.

"සමහරවිට මේ වෘක්ෂය අපි වවපු එකක් වෙන්න පුලුවන්. මොකද අපි තමයි,තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම. අපි දැන් අවුරුදු සියයකටත් වඩා පෙර සිටන් තුරුපත් වැවීමේ කර්තව්‍යය සිදු කරන්නේ.  අපි දැනුත් යන්නේ ඒ කාර්යයටමයි."

මේ දිනය කොහොමටවත් දෛවෝපගත දිනයක් වෙයි කියලා දුර්ශාන් සිතුවේ නැහැ.

එකතු කල බීජ තම පැසේ සඟවගෙන මහත් අපහසුවෙන් නමුත් ඉතාම සන්තුෂ්ටියෙන් සිටින කිරිල්ලියන් දුටු දුර්ශාන්, තමා මෙන්ම තමන්ගේ යහළුවන් කිසිදා මෙවැනි ඵලදායී කර්තව්‍යක් සිදු කර නොමැති බවත්, කවදාහෝ මෙවැනි දෙයකට තමනුත් සහභාගී විය යුතුබව දුර්ශාන් සිතුවා.

මේ තමයි එහෙනම් සුවිශේෂී නිර්භීත කිරිල්ලියන් කණ්ඩායම...එසේ සිතුවත් දුර්ශාන්, එලෙස පැවසුවේ නැහැ......

"අපි මේ යන්නේ දකුණු කොටසට.. මම නම් හිතන් නෑ ඔබ මෙතැන සතුටින් සුවපහසුවෙන් උන්නත් හෙට අනිද්දා වෙනකොට මේ සුවපහසු වෘක්ෂයවත් ඉතිරි වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා ඇති කියලා."

කිශෝලි එසේ පැවසුවේ තම පියාපත් ගසමින්. කිසිවක් නොදැන හුන් දුර්ශාන් නිහඬවම උන්නා.

"ඔබට තුති නොදැන හෝ අපිට නවාතැන් සැපයුවට.. අපි යනවා.." නැවත වතාවක් සියහඬ අවදි කල කිශෝලි දුර්ශාන් ඇතුළු තරුණ කඩවසම් කුරුල්ලන්ට සමු දුන්නා.

ඔහු දැන සිටියේ නැහැ, මේ කිරිල්ලියන් තමා සිතනවාටත් වඩා නිර්භීත බව...

දු‍ර්ශාන් දවස් කිහිපයක් ගෙවා දැමුවේ හරිම දුර්වලව.තමන්ගේ මේ දුර්වල ස්වභාවයට හේතුව සිතා ගන්නටත් නොහැකිව කියාගන්න බැරි රිදුමක් පපුවේ මැද්දෑවට වෙන්න තියාගෙන කල්මැරුවා..

---------------------------------------

ඉදිරියට >>>>


4 comments:

කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...