කුරුලු දඩයම 02

 



කුරුලු දඩයම 01





දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස. 

"ක්‍රිශෝලියි ඒකිගේ කණ්ඩායමයි මෙහේ ආවට පස්සේ තමයි මේ හැමදේම..." 

සංධීර් ආඩපාලි කියෙව්වා. 


"එහෙම නැහැ..."


"ඇයි ඔබ සවස හමුවීමටවත් මේ දවස් කිහිපය ආවේ නැත්තේ..."


" මට සනීප නැහැ..."


"ආහ්.. මොකද්ද අසනීපය..."


" හිසේ රුදාවක්..."


" මෙච්චර කල්...?"


"හ්ම්..."


"මට නම් හිතෙන්නේ උඹ බොරු කියනවා කියලා."


"උඹට පිස්සු.."


"මට නෙවෙයි පිස්සු උඹට. උඹට ප්‍රේම පිස්සුව ගහලා.."


දුර්ශාන් කිසිම පිලිතුරක් නොදී අලසව නිහඬව හුන් නිසා නැවත සංධීර් කටහඬ අවදි කලා.


"ඇයි ඔබ ක්‍රිශෝලිව බලන්න යන් නැත්තේ...මම නම් හිතනේ ඔය ඔක්කොම අසනීප හොඳ වෙයි.."


" මට වුවමනාවක් නැහැ."


"උඹේ තියන උද්දච්චකම "


දුර්ශාන්ට පිලිතුරක් ලෙස කිසිවක් තිබුනේ නැහැ. දුර්ශාන් ඇත්තටම හුන්නේ හරිම උදාසීනව. ඇත්තටම දුර්ශාන්  තමන්ගේ හිත ක්‍රිශෝලි නිසාමද මේ තත්ත්වයට පත්ව ඇත්තේ කියන ප්‍රශ්නයෙන් පීඩා වින්දා.


දින කිහිපයක් ගෙවී ගියා. දිනක් උදෑසනම දුර්ශාන් කිසිම අරමුණකින් තොරව පියඹන්න පටන් ගත්තා. ඒ ඇත්තටම විශ්මාර් මුකලානේ දකුණු දිශාවට. ඔහු ඒ ගමන දකුණු දිශාවටම පියඹන්න ඇරඹුනේ ඔහුගේ යටිසිතේ වූ කම්පනයෙන් යන්න දුර්ශාන්ට නොදැනුනත් එය එසේ සිදුවීම තිබුනා.

පියඹා යන අතරමඟ නැවතෙමින් බීජ එකතු කරන්නත් ඔහු පෙලඹින් තිබුණා. දින ගණන්, සති ගණන් පසු කරමින් කුඩා පැසක බීජ අධික ප්‍රමාණයක් ඔහු රැගෙන පියඹුවා. අවසානයේ ඔහු මුකලානේ දකුණු දිශාවේ ප්‍රධාන නැවතුම් පල වන සොංගාවට පැමිණ තිබුණා. ඒ තමයි හරිත පෙදෙසේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශය. අලංකාර විලක් ප්‍රධාන ගංගාවක් එහි තිබුණා. එතනින් එහාට යන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද එතැන ක්‍රිශෝලිගේ කණ්ඩායම නවාතැන් ගෙන සිටි නිසා. ක්‍රිශෝලි නොසිටියත් ඇයගේ යෙහෙලියන් ගීගයමින් නටමින් උන්නා..  කවදාකවත් නොදැනුනු අමුතු හැඟීමකින් දුර්ශාන් වෙහෙස වුණා. ඒ සතුටත් එක්ක සමිශ්‍ර වුණ ලැජ්ජාශීලි ස්වභාවයක්. කවදාකවත් තමන්ට නොදැනුන ඒ හැඟීම මැඩ ගෙන ඔහු සෙමින් සෙමින් ඉදිරියට ගියා. අවසානයේ දුර්ශාන් දුටුවා... ඔව්.... ඒ , ක්‍රිශෝලි...දුර්ශාන් විඩාවට පත් කල කිරිල්ලිය...


"ඔබ....?"දුර්ශාන්ව දුටු ඈ විස්මයට පත් වුණා. ඒ අතර ඔහුව දුටු අනෙන් කිරිල්ලියන්ද සිය ගායනා නර්ථන නවතා ඔහු දෙසම බලා උන්නා.


"ම්ම්ම්..."


" ඔබ මොනවද මෙහි කරන්නේ..."


දුර්ශාන් උන්නේ ඇය දෙස බලාගෙන. හරියටම නුග ගසක ප්‍රධාන අතු රිකිල්ලේ අගටවන්න දුර්ශාන්,ක්‍රිශෝලිට මුහුණලා ඉඳගෙන හුන්නා. ඔහුගේ අලංකාරම වරල අතු රිකිල්ලා යටින් පොළව දෙසට ඇදුනා. ක්‍රිශෝලිත් උන්නේ විස්මයෙන්. ඔහු තමා දුටුවාට වඩා අප්‍රමාණව අලංකෘතයි. කඩවසම් කුරුල්ලෙක්. එක් වරලක සඟවගෙන තිබුන බීජ පැස සිය තුඩින් ගෙන ක්‍රිශෝලි ඉදිරියට පෑ දුර්ශාන් නිහඬවම ක්‍රිශෝලි දෙස බලා සිටියා. අවට නිහඬ විශ්මයට පත්ව හුන් කිරිල්ලියන් නැවත ප්‍රීතියෙන් ඉපිලෙමින් ගායනා ඇරඹුවා  ඒ බීජ පැස දුටු නිසා. නමුත් ක්‍රිශෝලි සිය නෙත් වලට රුදු වෙස ගෙන අවට සිය මිතුරියන් සියල්ලෝම කැළඹුවා. ක්‍රිශෝලිගේ ඒ බැල්ම දුටු සියල්ලෝම නැවත නිහඬ වුණා.


" ඔබ ආවේ අපට සහය වන්නද එසේ නම්.."


දුර්ශාන් කිසිවක් පැවසුවේ නැහැ. මඳ සිනහවක් පෑම පමණමයි කළේ. කවදාවත් නොමැති ලෙස ක්‍රිශෝලිත් උන්නේ මහ විපර්යාසයකට ලක් වෙලා වගෙයි. සිනහවක් තිබුණේ නැහැ මුහුණේ. ක්‍රිශෝලි බීජ පැස සි‍ය තුඩින් බාර ගත්තා. 


කිසිම වෙනසින් තොරව තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම රාත්‍රී ආහාරයට දුර්ශාන්ටත් ආරාධනා කරලා තිබුණා. මොකද කියනවා නම් ඒ වගේ කඩවසම් කුරුල්ලෙක් සිය කාර්‍යයට උදව් කිරීමට ඉදිරිපත් වීමම සියලුම කිරිල්ලියන් අමන්දානන්දයට පත් කර තිබුණේ. එයට කෘතගුණ සලකන්න ඔවුන් කිසිදා අමතක කරන් නැහැ. කිචි බිචි හඬින් විශ්මාර් මුකලානේ දකුණු දිශාවම පුබුදවලා තිබුණේ.

ඔවුන් ආහාර ගත්තා, ඉතාමත් සතුටින්.   


එදා රෑ නින්දක් තිබුණේ නැහැ දුර්ශාන්ට. මොකද කියනව නම් ඔහුට අවැසි වුණේ ක්‍රිශෝලි සමඟ ගෙවෙන මොහොතක්... රාත්‍රියේ ඔහු නිහඬව සිය වෘක්ෂයෙන් ඉවත්ව නැගෙනහිර දෙසට පියෑඹුවා.. සොංගාවට නැගෙනහිරට වන්නට තිබුණේ, විශාල විලක්..විශ්මාර් වනාතරයේ ඉතාම අලංකාරම ස්ථානයක් වූයේ එම විල් ප්‍රදේශය යි. ඒ යන විට තනිවම ගීයක් මුමුනමින් උන්නේ ක්‍රිශෝලි.. දුර්ශාන් සිය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කල්පනා කලා.. ක්‍රිශෝලි ළඟට ලං වුණේ සිය හදවතේ දොරගුලු ඇය ඉදිරියේ හරිනවා කියන බලාපොරොත්තුවත් සමඟයි. 


"ඔබ, මා ලුහු බඳිනවා නේද..?"


"ඔබට එසේ සිතෙනවා නම් ක්‍රිශෝලි මගේ බලාපොරොත්තුව තේරෙනවා ඇති නේද.."දුර්ශාන් කලේ ඇයගේ ප්‍රශ්නයට අදාල පිලිතුරෙහි සිය බලාපොරොත්තුව සඟවා එල්ල කිරීමයි.. 


එයින් තරමක් ගැස්සුනු ක්‍රිශෝලි ඉතාම ආඩම්බරයෙන් ඔහුගෙන් විරුද්ධ දිශාවකට නෙත් අතැහැරියේ පිලිතුරක් නොමැතිවයි. 


දුර්ශාන් පියඹා ක්‍රිශෝලිගේ දෙනෙක් ඉදිරිපිට‍ට ගියෙ ක්‍රිශෝලිගේ හැඟීම් තේරුම් ගන්න. ක්‍රිශෝලි උන්නේ සතුටෙන්... ඒත් ඇය කෙතරම් බුද්ධිමත්ද, එමෙන්ම උඩඟුද කියනවා නම් හැඟීම් විරහිතබවක් සිය මුවඟට නගා ගන්නට තරම් යුහුසුළු වෙනවා.. 


"ඔබ සමඟින් විවාහ වන්න මං කැමති.... දන්නවද.. මං ඔබ මගේ වාසස්ථානයෙන් පිටත් වූ දවසේ සිට උන්නේ ඉතාමත් කනස්සල්ලෙන්..."


"මට අවැසි නැහැ පෙම් කරන්න..."


ඒ රුදුරු පිලිතුරෙන් දුර්ශාන් කණගාටු වුනත් ඔහු පසුබට වුණේ නැහැ.


"ඔබට මං කියන් නැහැ. මට හදිස්සියි කියලා.. මට අවැසි වුණේ මගේ ආදරය ඔබට කියන්න පමණයි.."


කිසිම කතාවක් නැතිව සැනෙකින් ක්‍රිෂෝලි එතැනින් පියඹා ගියේ දුර්ශාන් පැනයක පටලවමින්.


සියල්ල හොඳින් සිදු වේවී.. දුර්ශාන් එහෙම සිතමින් එදා රාත්‍රිය පහන් කලේ කිසිඳු කුකුසකින් තොරව.


අරුණෝදයේ අවදි වුණ දුර්ශාන් දුටුවේ තමන් අසල තිබුණ ලිපියක්.. එය ලියා තිබ්බේ ලා හරිත පැහැ පත්‍රයක...


දුර්ශාන් ඔබගේ ආදරය වෙනුවෙන්... මගේ ආදරය විනාශ කරන්නට නොහැකි බව ඔබ තේරුම් ගන්න.


ආදරණීය දුර්...,

ඔබ මා කිසිම ලෙසකට එක් වෙන්නේ නැහැ... ඔබට අපේ එක්වීම සත්‍යක් කරන්න අවැසි නම් දකුණු වියළි තීරුව බාර අරන් හරිත තීරුවක් කර පෙන්වන්න... ඒක අභියෝගයක්.. දශක ගණනක් යන අභියෝගයක්.. මම නිවැරදි නම් දශක දෙකකින් අභියෝගය අවසන්..


ක්‍රිශෝලී....


******************************


ඉදිරියට >>>>>>


Comments

Popular Posts