රැවටුම

අපෙ මතක සැඟවුනු
මහ සයුරු වෙරළ මත
රැලි නගන කල ඇහෙරෙනව
අපටත් නොදැනීම ප්‍රේමය...

වැහිලිහිනියනුත් හඳුනන
ඒ විසල් ප්‍රේමයේ අක්ෂර
විමසාවි සියොතුනුත්
පවත් දැන අපේ...

ඔබේ මුතු කඳුලු
සැඟවිලා මගේ විසල් ලය මැද
ඔබ ගැන විම්සන සියොතුන්ට
ඒ මුතු දිස්නය පෙන්වා
රවටමි අදටත්...

Comments

  1. මේක නියමයි මල්ලි !

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට තුති., නමුදු මම පිරිමි ප්‍රාණියෙක් නොව, ගැහැණු ප්‍රාණියෙක් බව තරයේ පවසමි..

      Delete

Post a Comment

Popular Posts