උදා වූ යෞවනය

මං ස්කෝලේ කාලේ කතා ටිකක් ලියන්න හිතුවත් ලියන්න උනේ නැහැ. මේක මුලින් පල කරන්නත් මං බලාපොරොත්තු වුනේ නැහැ. මොකද ඔයාලා හදිස්සියේවත් මං ගැන නරක විදියට හිතුවොත්.. (හී.. හී... මං දන්නෝ දැන් උනත් හොඳට හිතන් නෑනේ... ඒ නිසා ඔන්න ඔහේ පොස්ට් එකක් නැතුව මගේ බ්ලොග් එක වේලි වේලී තියන කොයි හරි වෙලාවක මං මේක පෝස්ට් කරනව කියලා හිතන් කෙටුවා..)

ඉතින් මෙහෙමයි කතාව, කතාවෙ නම උදාවූ යෞවනය කියලා තියන නිසා සමහර විට දන්නවා ඇති මොන සම්බන්ධවද කියලා මේ කියන්න හදන්නේ..

අපි හත වසරෙදි අපිට විද්‍යාව උගන්නපු ගුරුවරියමයි පන්තිභාර හිටියේ.. ඉතින් හුඟක් වෙලාවට අපි හිටියේ ලැබ් එකේ.. ඉතින් දවසක් ලැබ් එකට ගිය වෙලාවේ අපිට හම්බුනා පොතක්. පොත අධ්‍යාපන ප්‍රකාශන එකක්... ඉස්සරහ කොල්ලෙකුයි, කෙල්ලෙකුයි ඉන්නවා, රතුපාට මල් තිබ්බ පොතක්, දවස් ගානක් ඔය පොත් ලැබ් එකේ ඩෙස්ක් වල ලාච්චු  වල දැක්කට මං ගණන් ගත්තේ නැහැ. ඒත් දවසක් යාලුවෝ ටිකක් හැංගිලා වගේ හොරෙන් මේ පොත කියෝනවා..

ඉතින් මාත් යන්තම් ටිකක් හරවලා බැලුවා.. මට ඒක ඇල්ලුවේ නෑ..( ඇත්තම කියනව නම් ඒක මං හරියට බලලා නැහැ. ඒක මං දැන ගත්තේ පස්සේ)

ඔහොම හත වසර ඉවර වුනා.. අට වසරට ආවා.. දවසක් රිලීෆ් පීරියඩ් එකකට මේ ටීච ආවා.. ඇවිත් ද්වීතීක ලිංගික ලක්ෂණ ගැන කියා දීලා මට එන්න කියලා පොතක් දුන්නා පන්තියේ ළමයි බෙදාගෙන කියවන්න කියලා. සතියකින් පොත් රිටන් කරන්නත් ඕනා..

මුලින්ම මං එකක් ගෙදර ගිහින් කියෙව්වා. හප්පා, ඒක ඒ කාලේ හැටියට සුපිරි.. මුල්ම පාඩම තිබ්බේ ද්වීතීක ලිංගික ලක්ෂණ වෙනස් වීම් ගැන.. ඉන් පස්සේ ප්‍රජනක පද්ධති ගැන වෙන වෙනම තිබ්බා...

පොත බුක් වෙලා පන්තිය වටේ පෝලිමට යනවා.. ඒ අස්සේ, ටීචර්ස්ලා උගන්වන පීරියඩ් වලත් ළමයි කියවනවා. ඒක තමා ප්‍රධාන මාතෘකාව. කියවපු අයට ප්‍රශ්න ගොඩයි.. අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් කවුරුත් නැහැ.. හරිම ලොකුයි ඉතින් ඒ ප්‍රශ්න..

ඔය අතර දවසක් පොත ඩෙස්ක් එකේ ලාච්චුව අස්සේ දාගෙන බුද්ධ ධර්මය පීරියඩ් එකේ කියෙව්වා මගේ යාලුවෝ දෙන්නෙක්...
අපිට බුද්ධ ධර්මය ඉගැන්නුවෙ අහිංසක තරුණ සර් කෙනෙක්, අළුතෙන් පත්වීම් අරන් ආපු.. දැන් ඔන්න සර් උගන්නනවා.. යාලුවෝ දෙන්නා, පොත කියවනවා.. පොඩි හිනාත් ඒ අතර යනවා. ඒකේ තියන ඒවට කුල්මත් වෙලා... කොහොමහරි සර් දැක්කා පොත..  පොතේ ඇතුල ඩෙස්ක් එකේ ඉස්සරහා පැත්තෙන් ලාච්චුව අස්සන් දැක්කා. මං හිතන්නේ සර් දන්නවා ඒ පොත ගැන.. ඉතින් දැන ගත්තා පොතේ තියෙන්නේ මොනවද කියලා.. දැන් ඉතින් කාට කියන්නද, ගෑණු ළමයිනේ., තරුණ සර් එක්ක දඟ ගැහැණු ළමයි.. අපිට වඩා සර්ට කරගන්න දෙයක් නැති වුනා වගේ.. කරකියා ගන්න දෙයක් නැතුව සර් පොඩ්ඩක් වෙලා හිටියා..
පස්සේ, " ඔවා කියෙව්වට කමක් නෑ, විභාගේ හොඳට කරගන්න ඕනා." සර් කිව්වේ එච්චරයි.

ඉන් පස්සේ පොත පැත්තකින් තියලා පාඩමට ඇහුම් කන් දෙන්න මගේ යාළුවෝ දෙන්නා තීරණය කලා.. ඒ උනාට වෙච්ච ලැජ්ජාව නිසා පාඩම තේරුනාද කියන්න දන්නේ නෑ මං.

කොහොම හරි අපිට ඒ සිදුවීම නම් අමතක වෙන් නෑ..

ඉතින් අපේ යෞවනය උදා වුනේ එහෙමයි..



නමුත් දැන් අවාසනාවකට, ඒ පොත සමහරුන්ගේ විරෝධය මත ඉවත් වෙලා. ලංකාවේ පාසල් අධ්‍යාපනයට ලිංගික අධ්‍යාපනය නොමැති වීම නිසා, කොළඹ හා කුරුණෑගල  දිස්ත්‍රික්ක වල ඒඩ්ස් පාසල් ළමුන් අතර සුලභ වෙලා කියලා පහුගිය කාලේ සංඛ්‍යා ලේ්ඛන වලින් පත්තර වල පල වුනා. ඒවලට හේතු සොයා බැලීමත් සමාජ රෝග වලක්වා ගැනීමේ ක්‍රම පිලිබඳවත් යොවුන් හා තරුණ ළමුන් දැනුවත් කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්.

සමහර වෙලාවට පත්තර වල තියන පාඨක ගැටළු වලට පිලිතුරු කොලයේ සමහරු අහලා තියන ප්‍රශ්න ගැන හිතනකොට මොනවද මේ අහපු ප්‍රශ්න කියලා හිතෙනවා... ඉතින් ඇත්තටම පාසල් කාලයේම ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් පුදුමයක්ව පවතින ඇතැම්කරුණු ළමුන් අතර මෙන්ම තරුණ පිරිස අතර සාමාන්‍ය දෙයක් බවට පත් වෙනු ඇත.

අනෙක සෙක්ස් සර්ච් කරලා පලවෙනි තැන දිනා ගන්නත් හේතුවක් තමා පාසල් ළමුන්ට සුදුසු ලිංගික අධ්‍යාපනයක් නොලැබීම.. කුතුහලයෙන් පිරි යෞවනය නොදන්න සියලා සොයා බැලීමට හා, උත්සහ කර බැලීම නිසා අනවශ්‍ය ගැටලු ඇති වෙනවා. ඒ සියල්ලටම හේතුව සුදුසු අධ්‍යාපන ක්‍රමවේදයක් නොමැති කම.. මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම කාලීන අවශ්‍යතාවක්.


Comments

  1. Hi to every single one, it's genuinely a fastidious for me to pay a visit this website,
    it contains helpful Information.

    ReplyDelete
  2. Heⅼlo There. I found yⲟur blߋg using mѕn. This iss a verʏ well written article.
    I wiⅼl be surre to bookmark it and cοme back to read more of your useful information. Tһanks for tthe post.

    I'll certainly return.

    ReplyDelete
  3. Thankѕ foг your maгvelous posting! I enuineⅼy enjoyed гeading it, you һappen to
    be a great author. I will be sure to booҝmark your blog aand wilⅼ eventuaⅼly come baⅽk in the foreѕeeable future.

    I ѡanht toⲟ encourage that you confinue your great posts,
    have a nice hοliday ѡeekend!

    ReplyDelete
  4. It is perfect time to make some plans for the long run and it's time to be happy.
    I've learn this put up and if I may I desire to counsel you some attention-grabbing things or tips.
    Maybe you could write next articles referring to this article.
    I want to read more issues approximately it!

    ReplyDelete
  5. I precisely had to say tһankѕ once more.

    I am not sure the things I would have accomplіshed without
    the actual tаctics documented by you relating to my ρгoblem.

    It Ьecame an absolᥙte fеarsome matter for me personally, however
    , coming acroѕs thee well-written avenue you procesѕed that took
    mee to cry for fulfillment. I am juѕt happier for the service aand as well , haᴠe high hopes
    you know what a powеrful job you happen to be providing instructing other
    individuals through the use of your site.

    Most likely you have never met any of us.

    ReplyDelete
    Replies
    1. dear anon, I was so excited about your compliments on my writing. it means a lot to me. thank you in advanced.

      Delete
  6. //සුදුසු වැඩපිළිවෙළක් යෙදීම කාලීන අවශ්‍යතාවක්// ඕවා යෙදෙන්නෙ නෑ අරුශි මලාට. ඒ ළමයිම හොයාගත්තොත් මිසක්

    ReplyDelete
    Replies
    1. ළමයි හොයා ගන්නවා ඉතින් විවිධ විදියට. අන්න එතකොටයි වෙන්න ඕන දේවල් වෙන්න ඉඩ තියෙන්නේ. අනේ මන්දා ඉතින්.

      Delete
  7. Well said aru....

    ReplyDelete
  8. මම මේක කියවන්න පටන් ගන්නකොටම මට හිතුනේ ගෙදර ගිය ගමන් මගේ දුවට කියවන්න දෙන්න ඕනේ කියල.. එයා දැන් හත වසරේ.. :) ඒ උනාට වැඩිමනත් මොකුත් ලියල නෑනේ.. අඩුම උපදෙස් ටිකක්වත්.. උත්සහ කරලා බලන්න.. අපි අම්මල අප්පච්චිලා කියල දෙන දේ වලට වඩා මේ වගේ ඒවා ඒ ළමයින්ගේ හිතට වදිනවා..

    ReplyDelete
    Replies
    1. අනේ මං උපදෙස් දෙන්න ලිව්ව එකක් නෙවෙයි.. පරණ මතක ලියන්න ලිව්ව එකක්. ඒකට ඉතින් පොඩ්ඩක් වැදගත්කමත් ලිව්වා. ස්තූතියි කලන අයියේ...

      Delete
  9. මම මේ කල්පනා කලේ ඒ තරුණ සර් මම හරි රෝමා හරි උනා නං කියල

    ReplyDelete

Post a Comment

Popular Posts