කවි ලියන්න උගන්නන්න...



මට උගන්නන්න,
එකම එක පාරක්..
ඔයා වගේ,
වෙරී නොවී,
කවි ලියන්න...

හීන කවි කර,
දුකම දිය කර...
ඔබ ලියන විදියටම
රිදෙන්න...
නමුත් ප්‍රේමය රස කර,

වෙරි වුනත් රිදෙන මට,
වෙරී නොවී නොරිදෙන්න..
නමුත් ඔබව රිද්දන්න...
එකම එක පාරක් ආදරෙන් කියා දෙන්න...
කවි ලියන හැටි


Comments

  1. හිතේ දුක
    නැගෙයි කවියට
    එයම වේ
    කවි සිතුවිලි.

    ReplyDelete
    Replies
    1. කවිය: විටෙක රිදෙන හදවතේ කැඩපතයි. විටෙක සිතුවිල්ලක් පමනමයි.. ස්තූතියි ඉරෝ...

      Delete
  2. I like your thoughts. When a hear cries out loud, they call it poetry. But is shouldn't be the only way. What do you think?

    ReplyDelete
    Replies
    1. Thanks for your comment, btw, I think, we can read how cries the someones heart with him or her poem.

      Delete
  3. මට කියාදෙන්න
    මත් නොවී ඉන්න
    ඔය ඇස් ළඟ....
    මට කියාදෙන්න
    ඔය ඇස් දිහා
    හරි කෙලින් බලන්න...

    ඔය ඇස් ගැනම
    කවි ලියන්න හිතෙන එක
    ඔය ඇස් ම
    හැම තිස්සෙම මට
    මතක් වෙන එක ගැන
    මට කියා දෙන්න
    නතර කරගන්න...

    අනේ අහන්න..
    ඔයාට පුලුවන්ද
    ඔය ඇස් වලින්
    මට බලහත්කාර කම්
    කරන එක නවත්තන්න....

    ReplyDelete
    Replies
    1. මේකට මං ආසයි. මටත් ලියන්න ඕන වෙලා තිබ්බ දෙයක්නේ අක්කේ... ස්තූතියි හුඟක්...

      Delete
  4. "නමුත් ඔබ රිද්දන්න
    ආදරෙන් කියා දෙන්න"
    එහෙම කියනා නුඹට
    වේදනා වන් මිසක
    කිසි විටක නොදැනේවි
    ආදරේ සුව පහස

    ReplyDelete
    Replies
    1. හී ..හී.... ඒකත් ඇත්ත තමා

      Delete

Post a Comment

Popular Posts