ප්‍රේමය
ප්‍රේමයම "ප්‍රේමය" වන්නේ
හිමිකමෙන් මිස
ලංව විසීමෙන් නොවන බව කියමි.
ලං වන්න අවැසි තැන
ලංව ස්පර්ශයක් නොමැතිවත්
ආදරය පවතින බව දනිමි.
ආදරය හට ගත්තේ අනාරාධිතව සේම
අනායාසයෙන් බව උනුන්ට කියා දෙමි.
සම්මතයක්වත්, අසම්මතයක්වත් නොතැකුව බවද පවසමි.
රිදෙනවද කියා අසන විට
රිදිල්ලකුඳු කෙසේදැයි අසමි.
එතරම්ම ආදරය විඳිමි.
නොවිඳවමි.
වස්තු,ඔබ නොමැති වුව
ඔබ හිඳිනවා සේ දකිමි.
ඔබේ නිහඬබව ඉවසමි.
ඔබේ ආදරයම එතරම්ම බව දනිමි.
ඉතින්,
නොපහත් දේ පවසන උන් නොඅදහන මෙන් ඉල්ලමි.
ඔබේ සියල් වැඩ පසෙකලා මා ගැන නොතකනම ලෙස අණ කරමි.
සියල්ල අවහර වූ කල අපි අපේ වගම පමණක්ම දනිමි.
ඉතින් මේ ආදරය ආදරයම යැයි හඳුනමි.
මැණික.. ඔබට අවශ්‍ය ඉවසිල්ල පමණකි.
අවසානය ඔබ මගේමත්, මා ඔබේමත් පමණකි.
සොඳුරු සඳවතීගෙ සංසාරගත පෙම්වතියත් මතක් වුණා. එතරම්ම රසවත් අරු.
ReplyDeleteඇත්තෙන්ම අවසානය සොඳුරු නම් එහි මුල මැද ගැන විමසා සිත සිතා හිඳින්නේ කුමකටද? ඒ හැම මොහොතක්ම විඳවීමක් නොමැතිවම විඳිනවා මිස.......
ස්තූතියි සඳවතිය ඔයාගේ ලස්සන අදහස් වලට...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑ් අදහස් ලස්සනයි අරූ ❤️
ReplyDeleteස්තූතියි අශින්සලා ❤️
Delete