තේ නෙලන්නී
නොපිපුන මල් පොහොට්ටු අතර
පරව මිලිනව ගිය කලෙක රෝස මල
රුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලින
තවම නොමියව පණ ගැහි හීල්ලෙන
අපා දුක් මැද සිනා මල් කැන්දුව
කපා වෙන් කල හදවතකි රිදුනම
දවා වක් වුන සිහින යායේ සමුදුර
සිනාවක් පුද කඳුලු සඟවා හිඳී නිහඬව
අවදිව හිරුටත් කලියෙනුත් හැමදාම,
නොමඳව කඩිසර වැඩපලෙහි ඉඳුරාම,
කහටට සීනි උගුරක් බී අරඹාන,
දහිරිය අරගන්නේ කුසගිනි හන්දාය.
වත්තට අරුණෝදේ වේලාසන කැන්දා
තේ දළු කඩා මස් නැති පිට මත රන්දා
පා පොඩි තබා වත්තේ, සටහන් කැන්දා
රෑ වනතුරුම පා රිදුනත් දළු හින්දා
කිලෝ මීටර ගව් ගණන් ඇවිදා
තේ ගෝනි හැමදාම පිට මතම පටවා
සොච්චමක් ගැන ඇඟිලි ගැනලා
පා රිදුම්, පිට රිදුම් තෙල් වලින් හින්දා
තේ කහට පා දත් කැකුලු පාලා
බුලත් විටකට පමණක් සතුට දීලා
කඳුළු සුසුම් දා දියෙන් හරවා
කුස පුරවන්න සුපිරින්ටන්ටත් වැන්දා
සිත නිවාලන තැනෙකි තේ වත්ත.
හරිත යායම නොනැවතී වේ දිස්න.
සිසාර යමින් දළු සොයා කර සුද්ද.
සුපිරින්ටන් පඹයා වත්තේ හරි මැද්ද.
තේ කහට පාටිනුයි ලේ බිංදු තිවුනේ.
වේලිලයි හීන තරුණකම යැද්දේ.
සීතලයි හුඟක් රෑ තිස්සේ මැද්දේ.
ඇහැරිලයි හුඟක් රෑ ගණන් ගෙව්වේ
නොපිපුන කුසුමන් පොහොට්ටු මැද
පරව මිලිනව ගිය කලෙක රෝස මල
රුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලින
තවම නොමියව පණ ගැහි හීල්ලෙන
වෙනස් රහක්.....ලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි අක්කේ..❤️
Deleteලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි සඳවතිය.
Deleteදුක හිතෙන ඇත්ත කතාවක් නේද? ලස්සනයි අරූ.
ReplyDeleteඇත්ත කතා සැඟවිලා හැමදාම... ඉස්තෝති ඉරෝ..
Deleteබොහොම ස්තූතියි...
ReplyDeleteThanks a lot for giving everyone such a superb opportunity
ReplyDeleteto check tips from this web site. It can be so sweet and packed with amusement for me personally and my
office fellow workers to visit your blog at a minimum
three times in 7 days to read through the latest things you will have.
Of course, I am also always pleased for the fabulous things served by you.
Selected two facts in this post are completely the most suitable I've
ever had.
Some truly prime blog posts on this internet site, saved to fav.
ReplyDelete