නිරුධක.(හිස්කම)



සංවරව    හිත මතම මදින රූ            රටාවෙක
අන්ධවම   නොදුටු අඩ, හඳින් මුව  තෙමාගෙන
සංසලව    හිත් මැදින් පිපුණ මල්   නෙලාගෙන
යන්න  ගිය දුර වැඩියි මල් පහන්      දල්වගෙන

දුයිෂේන්   වුව වුණත් උන්නේ එක    කතාවෙක
අල්තීනයි දුක් නුවුනේ කිසිත් නොම දැනහැඳින
සුන්දරයි   කතා වුව ප්‍රේමයෙන්        තෙමීගෙන
ප්‍රබන්ධය වුව වුණත් මැවුණෙ පෙම   රිදීගෙන

කඳුලකට   දුර වැඩී  හිතක පෙම් මල්      පිපුණ
සතුටකට   දුර වැඩී  හීන මල් පිපි           දිලෙන
නුඹ ළඟයි හදවතින් ප්‍රේමයම       ගිගුම්   දෙන
සනසන්න  හැකිවේද  සිත දුරින්  දුර      යනෙන

Comments

  1. බිඳී මියගිය පැතුම අභියස..
    ආදරේ නැති අඩුව මට දැනුනා...

    ReplyDelete
  2. පොත් වල පෙම්කථාවලින් නිවාඩු ගෙන කොල්ලෙක් හොයාගෙන තමන්ම පෙම්සුව විඳීමේ කාලය පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. කාලය පැමිණුනත්, ඉරණමේ ඒක නැද්ද කොහෙද. 🤣🤣

      Delete
  3. ~~~~~~~~~~
    අල්තීනා ! අමතක කරන්නේ කොහොමද..
    ඔබ කියාදුන් ආදරය හිරිමල් කොල්ලෙක්ට..
    සීතල වෙලාවක සමෝවාරයක් ළඟ හිටියට..
    ආදරේ තියෙන්නෙම අඳුරැ පාළු තැන්වල..

    ReplyDelete
    Replies
    1. සමෝවාරයක් කියන්නේ මොකද්ද..

      Delete
    2. හීටරයක් නම් නෙමේ, රැසියාවේ තේ බොන්න හදපු එකක් මම ලඟකදී චාමර සුමනපාලගේ ලිපියක් රෝ එකේ කියෙව්වා (ජුලී අග වගේ) ඒකේ තියෙනවා සමෝවාරය ගැන. ලින්ක් එක දාන්නද පස්සේ? හීතල වෙලාවක රහමෙර බොනවට වඩා හොඳ ඉඟුරැ තේකක් එක්ක පරණ මතක ගබඩාවක් අරින කොට විරහවත් දෙන්නේ නියම කහට ෆීලීන් එකක්. ඔයාගේ ලියමන එක්ක පහුගිය කියවපුවා, පරන මතක ගොඩක් අළුත් වුනා.

      Delete
    3. හරි පුලුවන් නම් දාන්නකෝ... ඔයාගේ කවිය නම් ලස්සනයි.. මේ පැත්තට ගොඩ වැදිලා යන්න ආවට ස්තූතියි 🤗

      Delete
    4. ඒ කවියේ තේරුම ගන්න නම් ඒ සමෝවාරය කියන පදයේ තේරුම ඕනනේ.. දැන් තමයි මට ඒ කවියේ තේරුම හුඟක් හොඳට දැනෙන්නෙ..😃😃😃

      Delete
    5. ~~~~~~~~

      https://roar.media/sinhala/main/reports/tea-drinking-in-russia/

      රහසේම ගොඩවදිමි,රස විඳිමි, තළුමරමි,
      රහසින්ම නික්මයමි..
      බොහෝ තැන්වල ගැවසෙමින්,
      බොහෝ දේ බලමින්ම සතුටුවෙමි...
      පිය සටහන් නොතබමි…
      රහසේම නික්මයමි…

      හීතලට වචන එකතුකරාට.. කවියෙක් නම් නෙමේ ඈ..☺️

      Delete

Post a Comment

Popular Posts