අද ලෝක රුධිර දායක දිනයයි.


ලෝක රුධිර පරිත්‍යාගකරන්නන්ගේ දිනය නැති නම් රුධිර දායක දිනය, ජූනි 14 ලෝක සෞඛ්‍ය සංවිධානය 2004 වසරේදී නම් කරන නිල ගෝලීය සෞඛ්‍ය වැඩසටහන් අටෙන් එකකි.

මෙම දිනය ආරක්ෂිත රුධිර හා රුධිර නිෂ්පාදනවල අවශ්‍යතාවය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ රුධිර පරිත්‍යාගශීලීන්ගේ ස්වේච්ඡා, ජීවිතාරක්ෂක රුධිර පරිත්‍යාගය සඳහා තුති පුද කිරීමක් සඳහාද ඉවහල් වේ. 

1930 වසරේදී ,   ABO රුධිර ඝන සොයා ගැනීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනු කාල්  ලෑන්ඩ්ස්ටයිනර් ගේ උපන්දිනය වන ජුනි 14 දිනය එතුමාට ගෞරවයක් වශයෙන් ලෝක රුධිර දායක දිනය ලෙස ලොව පුරා සෑම රටක්ම සමරනු ලබයි. 


රෝගියකු සඳහා පාරවිලයනය කිරීමට ආරක්ෂිත රුධිරය වන්නේ නිත්‍ය, ස්වේච්ඡාවෙන් නොගෙවූ රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගන්නා රුධිරය වේ.

ශ්‍රී ලංකා ජාතික රුධිර පාරවිලයන සේවාව 2013 වර්ෂයේ සිට 100%ක්ම ස්වකැමැත්තෙන්ම රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් රුධිර සංචිත පෝෂණය වේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයද තහවුරු කර තිබේ.. එය ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගත් විශිෂ්ට ජයග්‍රහනයකි. ලෝකය පුරා 100%ක් ස්වකැමැත්තෙන්ම රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් පෝෂිත සෞඛ්‍ය ක්ෂේත්‍ර ඇත්තේ අල්ප ප්‍රමාණයකි. එහි ගෞරවය සියලුම රුධිර දායකයින්ට හිමි විය යුතුය.

රුධිරයට විකල්ප නැත. එසේම හදිසි අවශ්‍යතා සඳහා මෙන්ම සැලසුම් කර සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහාද රුධිරය හා රුධිර සංඝටකයන් අවශ්‍ය වේ.. තැලසීමියා, පිලිකා, වකුගඩු, රක්තහීනතා වැනි රෝග සඳහාද, හර්ද ශල්‍යකර්ම, දරු ප්‍රසූතියේ සිදුවන හදිසි තත්ව, හදිසි අනතුරු සඳහාද රුධිරය හා රුධිර සංඝටකයන් අත්‍යාවශ්‍ය වේ.. 

COVID-19 හදිසි වසංගත තත්වයේදී වුව අවශ්‍ය රුධිර සැපයුම් පවත්වා ගැනීමට රුධිර දායකයින් සිය නිහඬ සේවය ලබාදී අවසන්‍ ය.. සිය ජීවිතයේ කුඩා රුධිර ප්‍රමාණ පරිත්‍යාග කරමින් මිය යමින් පැවතුන දස දහස් ගණන් ජීවිත වලට නැවත පණ ලබා දෙමින් ඉදිරියටත් ඒ කර්තව්‍යය නොපිරි හෙලා ඉටු කරන ජාතික වස්තූ හුස්ම ගනිමින් ඔබ හා මා අතර සිටිති.. 

ඒ ගෞරවනීය රුධිරදායකයන්ට අපගේ උත්තමාචාරය!!! ඔබ නොමැති නම් කිසි දිනෙක ශ්‍රී ලාංකික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙතරම් දියුණුවක් අත කර ගත නොහැකි වනු ඇත...

Comments

Popular Posts