පවන....



"නොකියපු කතාවලට වඩා කියපු කතායි වැඩි තරු.."
මං ඇය ගැන අවිශ්වාස කලා නොවේ... නමුත් ඇයව කියවන්න ඇවැසි වුනේ මටයි.. මට ඇගේ පශ්චාත්තාප වීම්, කඳුලු වැල් දියකර හැරීම් පිලිබඳ මමත් දුක් වෙමිනුයි තිබුනේ.... ඇය ඇත්තෙන්ම සුලඟක්...
"පවනි..."
ඇයට අවැසි වුනේ ආවට වඩා වේගෙන් පියඹන්න...
මං මාලුවෙක්.. තාරකා මාලුවෙක් ඇත්තටම... මට පියඹන්න තියා පීනන්නවත් හැකියාවක් නොමැති බවවත් ඇයට තේරුම් කරදීමට නොහැකි වුනා.. ඇත්තම කියනවා නම් තේරුම් කරන්න ලැහැස්ති වෙනකොටම ඇය කාලය මිඩංගු කරන්න කැමති වුනේ නෑ.. ඈ හැමවිටම ඇගේ කඳුලු කතාව බාගයක් සඟවලා බාගයක් පැවසූවා.. මං ඒ කතාව කියන ලෙසටම පිලිගත්තා...  මට තිවුනේ ඒ කතාවට ඇහුම්කන් දෙන්නයි ඇයගේ කඳුලු මගේ ඇඟිලිතුඬු වලින් පිසලන්නයි... මගේ කිසි කතාවක් ඇයට දැනගන්න අවැසි වුනේ නැහැ.. ඒත් ඇය ආ පමාවෙන් සියල්ල සුන්නද්ධූලි කර පියෑඹුවා..
ඒ රත්තරං නගරෙට වෙන්න ඇති.. ඇය කිව්වේ හරිතයායට යනවා කියලා වුනත් ඇය ගියේ හරිතයාය පෙදෙසට වුනත් මට කුහුලක් නෑ ඇගේ ගමන බාගයක් දුරදී වෙනස් කරන බව. ඈව මං කියවලා තිවුනේ.. ඒ ඈ පැවසු කතාවල නොතිබුනු හරයත් ඇගේ ඇස් වලින් මං කිඳා බැස කියවු නිසා...
ඈ හරිම විසේකාර අරුමැත්තියක්... 
ඈ ආවේ මේකප් කරගෙන.. ඇත්තමයි... මං විශ්වාස කරනවා ඈට තමයි ලස්සනටම අයිබ්‍රෝස් අඳින්න පුලුවන්... ඊටත් වඩා අයි ලයින් එක.ඇගේ රාගික පෙනුම ඉතිරි නොවෙන්න ඈ වර්ණ ගන්වගෙන තිබුනේ බගාදා මාව රවට්ටන්න වෙන්න ඇති.මං උන්නේ හිස් හදවතකින් නිසා ඒකේ වෙනසක් මං දුටුවේ නෑ. ඇරත් මට ඕන වුනේ නැහැ ඇයව අවිශ්වාස කරන පවිටු අදහස් වලින් මගේ හදවත් පුරෝ ගන්න.. මට වුවමනා වුනේ ඇගේ කඳුලු වැල් නවතාලන්නයි, මගේ ආදරය ඇයට කියන්නයි.. 
ඒත් මං පරක්කු වැඩි.. ඇය ආවට වඩා වේගෙන් පියැඹුවා.. මට ඇගේ පසු පසින් යන්න හැකියාවක් තිබ්බේ නෑ... ඉතින් ඈ ගියා.. මං තවම මෙතන.....

Comments

  1. දුකයි.
    රහයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ජය වේවා ඔබටත්...

      Delete
  2. Replies
    1. ස්තූතියි.... ජයවේවා ඔබටත්...

      Delete
  3. හරි අපුරු නිර්මාණයක් අරු. රසයි. ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිලෝ... ජය වේවා...!!!

      Delete
  4. මේකප් එකක් කියන්නෙත් ආට් එකක්.
    ගොඩක් අය ඒක දන්නෑ...
    ඔහේ පාට උලනව

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔබ හරි.. ආර්ට් එක හරියටම දන් නෑ හුඟක් අය

      Delete

Post a Comment

Popular Posts