මල් සහ සමනලුන්



මල් කියන්නේ සන්තුෂ්ටියට, දොම්නසට තියන සලකුනක් විතරයි.. ඒ අතරින් රෝස මල් වල හැම පාටටම අරුතක් තියනවා.. 
කහ රෝස මලක් වෙලා පිපුණට මටත් ප්‍රේමණීය හැඟුම් තියනවා.. ඒවා සමනලුන් දන්නවා වුනාට මිනිස්සු දැනන් හිටියේ නෑ... හදිස්සියේ දවසක මට ඕන වුනා ප්‍රේම කරන්න.. මට උරුම මිත්‍රත්වය පමණක් කියලා අමතක වුනා.. ප්‍රේමයක් සොයාගෙන ගියා... හරි හුඟක් පිරිමි ළමයි මාව එයාලගේ අතට ගත්තා... ඒ හිත් මට කියවන්න වුවමනා වුනේ ප්‍රේමයක් තියේද කියලා..
සමහර හිත් මහ රළුයි.. ඒවට ඕන වුනේ වෙන දෙයක්.. මං ඔවුන් දිහා නොබලා ඉන්න උත්සහ කලා... ඒත් ඔවුන්ට වුවමනා වුනා මාව බලෙන් එයාල ළඟට ගන්න.. මං ආඩම්බරකම ඉදිරියට දාලා උන්නා.. සමහරු පරාජය බාර ගත්තා.. සමහරු මගේ වැරදි ප්‍රචාරය කරන්න ගත්තා. නරක දේවල් කිය කිය.. ඒවා මුසාවල් වුනත් මං වැරද්ද හදන්න ගියේ නෑ.. රැවටිච්ච අය ඉන්න ඇති. මට ඒවා හොයන්න වෙලාවක් තිබුනේ නැහැ.. මට වුවමනා කලේ මගේ පරම ප්‍රේමය හොයාගන්න... මට දැනුනා මට සමනලයෙකුට ආදරේ කරන්න බැරි වග..
මං ඒත් සමනලයෙක් එක්ක යාලු වුනා.. මිත්‍රත්වය හුඟක් ශක්තිමත් වුනා.. ඔහු හොඳ සමනලයෙක්... මං කිව්වා මට ආදරයක් අවැසි බව.. ඔහු කලේ හිනා වෙලා මගේ ආසාව බැහැර කලා.. සමනලයා දවසක් පැවසුවා ඔහු වෙනත් සමනලයෙක්ට ආදරේ කරන වග.. මට පුදුම හිතුනා සමනලුන් මල් වලට මිසක් සමනලුන්ටම ආදරේ කරනවා කියලා මීට කලින් කවදාවත් අහලා තිබුනේ නැහැ... ඔහු කිව්වා ඒක මේ ලෝකේ සාමන්‍ය දෙයක් කියලා... ඒත් ඒවා තාම රහසින් වෙන දේවල් කියලා අපි ඉන්න  මල් වත්තේ... සමහර මල් වතු ඒවට ඉඩ තියන නිදහස් වතු කියලත් කිව්වා.. මටත් දැනුනා මගෙත් පරම ප්‍රේමය සමනලයෙක් ළඟ නෙවෙයි මලක් ළඟයි තියෙන්නෙ කියලා.. මට දැනුනේ කහ කානේශන් මලක් ගැන වුනත් මන් ඒක කානේශන්ට කියන්න ගියේ නැහැ...

Comments

  1. කියන්න තිබ්බෙ කානේෂන්ට.
    ලස්සනයි අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හෆ්පා... කියන්නද තිබුනේ... ස්කෝතුයි දුමී... හී හී...

      Delete

Post a Comment

Popular Posts