බඹර වත

බඹරෙකු නොවේ දසතම මල්                රිද්දවන
අනඟකු ලෙසිනි මල් වටකර දිවි            ගෙවන
දිවි තත් වෙයෙන සේ හුස්මට ලොබ         බඳින
මාර්ත්‍ය හදවතකි මේ පණ නල            ගැහෙන

කුසුමන් දසත පිපිලා උයනේ                      නිතර
පතුරයි දසත හැඟුමන් වැඩිලා                   පවර
බඹරුන් ඇදේ සුවඳට මත් වී                      සතර
පාපය මලේ සුවඳේ නොවෙමද                   බඹර

බඹරිදු වුවත් මල් නොතලමි ලෙස            නිවට
පලා හදම පෙන්වමි රහසින්                      නුඹට
දුලා උදුල නෑඹුල් මල් හරි                         සුමට
තලා සිතැඟි ලෙස මල් රිදවා                    කුමට

Comments

  1. බඹරුන් ඇදේ සුවඳට මත් වී සතර
    පාපය මලේ සුවඳේ නොවෙමද බඹර

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුමුදු...
      නැවත ගොඩ වෙලා යන්න එන්න...

      Delete
  2. අරූ ළඟ හොඳ පද ගැළපීමක් තියෙනවා. ඒකෙන් නිර්මාණයේ අලංකාරය වැඩිවෙනවා. තාලයේ ගලායාම ගැන තව ටිකක් හිතන්න. අරූගේ හැකියාව දැණෙන පෙණෙන හින්දයි මේ පොඩි කාරණාව කිව්වේ.

    ජයවේවා!!!

    ReplyDelete
  3. ස්තූතියි ඔබේ නිහතමානී අවවාදයට... ජයවේවා ඔබටත්....

    ReplyDelete
  4. බලන කොට මේ වෙන අරූ කෙනෙක්නෙ. ලස්සන කවිපෙලක්

    ReplyDelete
    Replies
    1. ඔව්... වෙන කෙනෙක් ^_^
      ස්තූතියි ..... ජයවේවා !!

      Delete
  5. //තලා සිතැඟි ලෙස මල් රිදවා කුමට

    මේ පද ටිකට බොහොම මනාපයි :)

    ReplyDelete
    Replies
    1. හංසි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවා එහෙනම්... ඉඩ තියන වෙලාවක කතා කියවන්න හැකි නම්... ස්තූතියි හංසි...

      Delete
  6. ලස්සන අර්ථවත් කවි පෙළක්

    ReplyDelete
    Replies
    1. තුති ඉයන්.. ආයේ ගොඩ වෙලා යන්න එන්න

      Delete
  7. //දුලා උදුල නෑඹුල් මල් හරි සුමට
    තලා සිතැඟි ලෙස මල් රිදවා කුමට//

    මල් නොරිදා රොන් ගන්න කියලද කියන්නේ මේ?
    කොහේද කිව්වට අහන්නේ නෑ
    මල්ම කියනවා ඔන්නොහේ කමක් නෑ කියලා
    ඉතින් බඹරු මක්කෙයි කරන්නේ?
    හෙ හෙ
    ලස්සනයි - අපූරු පද අරූ!

    (අරූ කිව්වම පිරිමි කෙනෙක් නේ එක සැරේට ඔලුවට එන්නේ)

    ReplyDelete
    Replies
    1. හී හී.. රිද්දන්නෙ නැතිව රොන් ගන්න කියලා තමා ඉතින් කියන්නේ... ස්තූතියි දුකා..

      Delete

Post a Comment

Popular Posts