අඹ ගෙඩි රාජ්‍යය 09



නුමුත් කුමරිය සටන අතහරින්න කිසිඳු නුවුමනාවකින් සිය කඩුව කුමරුව පරාජය කරන්න කුමරුගේ ගෙලට තැබුවා..

"ඔබ පරාජය වුනා..."

කුමරිය සතුටෙන් පැවසුවා.. ඒත් මහල්ලා නැති නම් වෙස්වලා ගත් කුමරු කිසිවක් පැවසුවේ නැහැ...

කුමරු කිසිම දුකකින් තොරව පරාජය පිලිගත්තේ කුමරියට සතුට අත් කර දෙමින්...

බලා සිටි සියල්ලෝම මහ හරසරින් අත් පොලසන් දුන්නා... ඒක හරිම ලස්සන සටනක්.. කිසිම කෙනෙක්ට එකිනෙකා පරාජය කරන්න හැකියාවක් තිබ්බේ නැහැ.. අර මහල්ලා කැමැත්තෙන්ම පරාජය බාරගත්තේ..නැතිනම් තවමත් සටන යනවා...
දුටු සැවොම එලෙස පැවසුවා...

එය ඇසුනු මහල්ලා නැතිනම් කුමාරයා පැවසුවේ,

"ඒත් සටනක් කියන්නේ සටනක්.. අවසානය වෙන තෙක් සටන් වැදිය යුතුයි.  සටනේ ජයග්‍රහණයක් තිබිය යුතුයි.. අත් හැරීම කියන්නේ පරාජයක්..." 


කුමරු නැවතත් කුමරියට සටනකට ආරාධනා කලා... ඒ වන විට කුමරිය වෙහෙසෙන් වුවත් සිටියේ හරිම සතුටින්... මන්ද තමා ජයග්‍රහණය කල බව කුමරිය පිලිගත් නිසා... නැවත ඒ මහල්ලා තමාට සටනකට ආරාධනා කිරීම කුමරිය ඉවසුවේ තමාගේ හැකියාව අභියෝගයකට ලක් කිරීමක් වශයෙන්...

නැවත සටන ඇරඹුනා.. කුමරිය ඉතාමත් ආක්‍රමණකාරි ලෙසින් සටන ගෙන ගියා..  ප්‍රේක්ෂකයන් ඉතාමත් කුල්මත්ව කුතුහලයෙන් යුතුව සටන නැරඹුවා...

හරියටම මිනිත්තු දහයක් ගත වුනේ නැහැ..
කුමරියගේ කඩුව වැදී මහල්ලා නැති නම් කුමරුගේ බොරු කොණ්ඩය ගැලවුනා..
සියල්ලෝම විමතියට පත් වුනා.. ඊටත් වඩා සිනෙක්සා කුමරිය කුමරුව හඳුන ගෙන තිබුනා.. ඔහු මහල්ලෙක් නොවන බවත්, රෝමයෙන් පැමිණි සුවිස් කුමාරයා බවත්....
වෙස් මාරුව නිසා කුමරුට සටන දිගටම පවත්වා ගැනීමට තරම් හිත නිසල වුනේ නෑ.. 
කුමරිය සිටියේ අධික තරහකින්, වෙස් පෙරලුනු කුමරුව කුමරිය පරාජය කලා. ඒ වම් බාහුවට පහරක් එල්ල කරමින්....


කුමරිය ඉතාමත් තරහින් සටන් බිමෙන් නික්මුනේ එක ඇසිල්ලකින්.
නමුත් කුමරු සිටියේ මරාන්තික පහරක් වැදී.. වම් බාහුව ඒ වන විටත් කැඩී ගොඩ තිබුනේ.. සුවිස් කුමරු අධික වේදනාවෙන් කෑ ගසන්නට වුනා..

කුමරියගේ සේවකයන් ඉතා ඉක්මනින් කුමරුව ඔසව ගනු ලැබුවා. ඔවුන් රැගෙන කුමරිය පිටුපසින් ඔහුව ඔසවගෙන ගියා...  රුධිරය දිගින් දිගටම ගැලුවා..


ස්වල්ප වේලාවකට පසු කුමරු සිහි මුර්ජා වුනා..

Comments

  1. ඔයාගෙ බ්ලොග් එක මගේ රෝලෙ තිබුණෙ නැහැ. සමාවන්න. ආයිත් ඇවිත් මුළු කථාවම කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නැහැ ඉයන් මාමේ ... සමාව ඉල්ලන්නේ මොකටද අප්ෆා... එහෙනම් පුලුවන් වෙලාවක කියෝලා කොමෙන්ටුවක් කොටන්නකෝ.. ස්තූතියි ආවට මේ පැත්තේ...

      Delete

Post a Comment

Popular Posts